IMG-LOGO

කොන්දොස්තර මඟ දමා බසය පිම්මේ ඇවිත්

(දූනගහ බටේපොල විජයසිරි)
 මීගමුවේ සිට දිවුලපිටිය හරහා මීරිගමට දිවෙන ශ්‍රී ලංගම බස්රථයක් දිවුලපිටිය නගරයට පැමිණියේය.


බසයේ මගීන් කිහිප දෙනකු දිවුලපිටිය නගරයෙන් බැසගත් අතර මීරිගම දෙසට යන මගීන් කිහිප දෙනකු බසයට ගොඩනැගුණි.
 බසය දිවුලපිටිය පසුකර බාඳුරාගොඩ මංසන්ධියට යද්දී මගියකු  කොන්දොස්තර කෝ යි ඇසීය.


 ඔහු බසයේ නැත.


එවිට බසයේ රියැදුරුට කොන්දොස්තර දුරකථන පණිවුඩයක් දුන්නේය.


”මචං මම දිවුලපිටියෙදී බිමට බැස්සා. උඹ බස්එක ඇදල ආවා. මම තී‍්‍රවීල් එකක් අරගෙන පස්සෙන් එනවා. නැවතිලා හිටපං”
බසය බාඳුරාගොඩ හන්දියේ නවතාගෙන සිටියදී කොන්දොස්තර තී‍්‍රවීලයේ පැමිණ බසයට නැගුණේ මගීන් සිනාසෙද්දීය. 



අදහස් (0)

කොන්දොස්තර මඟ දමා බසය පිම්මේ ඇවිත්

විමල් Friday, 19 December 2014 02:18 AM

මෙලනි, කටේ සද්දෙට වැඩිය ඉවසන් බැරි එයාලගේ කැසට් වල සද්දේ (නි)

:       0       0

මාලි Thursday, 18 December 2014 12:27 PM

කොන්දොස්තර ටිකකට ත්‍රීවීල් කොන්දොස්තර වෙලා (නදී)

:       0       0

ජෙහාන් Friday, 19 December 2014 02:35 AM

මට නම් බය රියැදුරු නැති වෙලාවට කොන්දොස්තරලා පදවන බස් වලට ගොඩවෙන්න. අපේ පැත්තේ එහෙම දෙයක් සිද්ධවෙලා තාප්පයක් කඩාගෙන ගිහින් තමයි නැවතුනේ. (නි)

:       0       0

ශාන්ති Thursday, 18 December 2014 03:47 PM

මේවා අහල බඩ අල්ලන් හිනා වෙන්ඩ පුළුවන් (නදී)

:       0       0

රුවන් Thursday, 18 December 2014 08:01 AM

බස් රියදුරන් කවදාවත්ම බසය ඉදිරියට ගමන් කරනවිට පිටිපස්ස බලන්නේ නැහැ පැති කන්නාඩියෙන්. මේ නිසා ජීවිත කීයක් අකාලයේ නැතිවුනාද ? (නදී)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 03:59 PM

පස්ස නොබලා ඉදිරියටම යමු. (නදී)

:       0       0

නිසාර් Friday, 19 December 2014 10:26 AM

බස් එක අදිනවත් එක්කම කොන්දොස්තර කීපවතාවක්ම කෝල් කළා රියදුරාට. ඒත් පාරේ තිබුණ බැනර් බල බලා රිය පැදවු නිසා ෆෝන් එක බැලුවේ නැහැනේ එයා. (නි)

:       0       0

අජිත් Friday, 19 December 2014 11:11 AM

කොන්දොස්තරලා පදවන බස් වලට ගොඩවෙන්න පස්ස නොබලා ඉදිරියටම යමු.(හේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 18 December 2014 11:05 PM

මෙය පළමු අවස්ථාවව නොව මීට වසර දෙකකට පමණ පෙර හදිසි කටයුත්තක් සඳහා කොළඹට යාමට හෝමාගමින් බසයකට ගොඩවූ මට කොට්ටාවටත් පැමිණිවිට ටිකට් එකක් නොලැබුණු බැවින් රියදුරුගෙන් විමසු විටයි ඔහු දැනගත්තේ කොන්දොස්තර නැති බව. පසුව වෙනත් බසයකින් ඔහු පැමිණ සැමට ටිකෙට් දෙනතුරු ඉන්නට සිදුවිය (නි)

:       0       0

සිතුමි Saturday, 20 December 2014 07:53 AM

එක නම් පට්ට වැඩේ .........(අ)

:       0       0

මෙලනි Friday, 19 December 2014 01:55 AM

මේ ගොල්ලන්ගෙන් බස් එකට වෙන සෙතක් තිබෙනවද? මඟීන්ගේ කන්බෙරය සිදුරු වෙන්න කෑගහනවා මිසක්. දියුණු රටවල් බොහොමයක බස් වල කොන්දොස්තරලා නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site