IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කාන්තා හැඳුනුම්පතක් ගෙන ඡන්දය දාන්න ගිහින් තරු පෙනිලා

(තිහගොඩ උපසේන ලියනගම)
උදෑසනම ඡන්දය දැමීමට ගිය ඔහුට මහ මග අසල  නිවසකින් ඇසුණේ මහ ඝෝෂාවකි. අලූත කැපූ ළිඳකට ගව පැටවකු වැටී එය ගැනීමට පිරිසක් වෙහෙසෙන අයුරු දුටු ඔහු ඊට උදව් කිරීමට ගියේ තම කමීසය ගලවා අසල නිවසේ  මිදුලේ වූ රෙදිවැලේ එය එල්ලමිනි.


පසුව ඡන්ද පොළට ගිය ඔහු තම හැඳුනුම්පත දුන් පසු පරීක්ෂා කළ නිලධාරිනිය පුදුමයට පත්ව ‘‘මේ කවුද ගෑනු කෙනෙක්නෙ” කීවේ එය ආපසු ඔහුට දෙමිනි. එහි වූයේ නාඳුනන කාන්තා රුවකි. ඔහුට තරු පෙනිණි.


යළිත් සාක්කුවට අත දැමු ඔහුට තම හැඳුනුම්පත තිබීම නිසා ඡන්දය දැමීමට හැකි වුවත් කාන්තා හැඳුනුම්පත ඔහුට මහා ගැටලූවක් විය.  ඡන්දය දමා ආපසු එනවිට ගව පැටවා ගොඩගත් නිවසට ගිය විට එම හැඳුනුම්පත අයිති කාන්තාව පැවසුවේ,  ” දූ කලබලේ මගේ බෑග් එක අරගෙන ඡන්දෙට බස් එකට දුවද්දී ඒකෙ තිබුණු අයිඩින්ටි කාඞ් එක වැලේ තිබුණු කමිස සාක්කුවට දාලා ගිහිං. ඒ කමිසෙ අපේ  මනුස්සයගෙ කියල හිතල මට කෝල් එකක් දුන්නා’’ ඇය කීවේ සතුටෙනි.


උදේ පාන්දර උදව් කරන්න ගිහිං තව පොඞ්ඩෙන් මම පොලිස් කූඩුවේ” ඔහු කීවේද සිනාසෙමින්ලූ. මේ කළුතර පැත්තේ උප නගරයකින් ඇසුණු පුවතකි.



අදහස් (0)

කාන්තා හැඳුනුම්පතක් ගෙන ඡන්දය දාන්න ගිහින් තරු පෙනිලා

ලසන්ත Wednesday, 19 August 2015 11:57 AM

පොලිසියට මොනවාහරි කියලා බේරෙන්න පුලුවන්,. හැබැයි වැරදිලාවත් ගෙදර හාමිනේට හසුවුවා නම් මොනදේ කියාවත් කිසිදිනෙකවත්, අසන ප්‍රශ්ණ පත්‍රය නිමවන්නේ නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site