IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කාන්තා හුටපටයකට අල්ලපු ගෙදරට කොරෝනා පාඩමක් උගන්වන්න ගිහින්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කොරෝනා පොසිටිව් වූ අල්ලපු ගෙදර පුද්ගලයා තමන් ආශ්‍රිතයකු බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොපැවැසීමෙන් එය ආරවුලක් බවට පත් වූ සිද්ධියක් එක්තරා ගමකින් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය,


 ඔවුන් දෙදෙනාගේ පවුල් අතර අමනාපයක් තිබුණ ද එය බිරින්දෑවරුට පමණක් සීමා විය. ඔවුන්ගේ සැමියන් සිය බිරින්දෑවරුන් නොමැති තැන්වලදී කතාබස් කරන අතර ඉඳහිට මත්පැන් පානය කිරීමද සිදුවේ. ඔවුන්ගේ බිරින්දෑවරුන් එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් ආරවුල් ඇති කරගත් අතර එක ගෙදරකට විදුලි උපකරණයක් ගෙන ආවොත් අනෙක් ගෙදර කාන්තාව සිය සැමියාට කියා ණය වී හෝ එය රැගෙන ඒමට කටයුතු කරයි. 


ඇතැම් විට ගෙදරට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීමට එක් ගෙදරක කාන්තාවක යනවා දුටුවහොත් අනෙක් ගෙදර කාන්තාවත් බඩු රැගෙන ඒමට යන අතර වෙළෙඳපොළ තුළ ඇති බඩු ඕනෑවටත් වඩා මිලදී ගෙන අතේ පිච්චිය නැතිව ආපසු ගෙදර පැමිණෙයි. 


මොවුන්ගේ ක්‍රියා කලාපය සැමියන් අනුමත නොකරන අතර එයට විරුද්ධව කටයුතු නොකළේ ඔවුන් සුළු දෙයකට පවා විරසකව සිය මාපියන්ගේ නිවෙස් වෙත යන බැවින් හා බැඳ ගත්ත බෙරේ කෙසේ හෝ ගැසිය යුතු බැවිනි.


 පසුගිය දිනක දී ඔවුන් දෙදෙනා බිරින්දෑවරුන්ට හොරෙන් මත්පැන් පානය කළ අතර එක් පුද්ගලයකු සේවය කරන ස්ථානයේ පුද්ගලයකු වෙත කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග සිදු කළ පී.සී.ආර් පර් යේෂණයේදී ඔහුට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.


සිය බිරිඳ සමග අකැමැත්තෙන් වුවද අල්ලපු ගෙදර පුද්ගලයා සමග තමන් මත්පැන් පානය කළ බව ඔහු පැවසුව ද බිරිඳ ඔහුට තදින් බැණ වදිමින් පවසා ඇත්තේ ඔහු නිරෝධායනය කළත් තමන්ට එය ගැටලු‍වක් නොමැති බවත් එහෙත් නිරෝධායනය හේතුවෙන් එම නිවෙසට ලැබෙන දස දහසේ බඩු මල්ල ලැබීම අනුමත නොකරන බවය. 


අල්ලපු ගෙදර පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් එම නි​ෙවස් හිමියාට හීන් දහඩිය දමා ඇත්තේ නිරෝධායනය කෙසේ වෙතත් දින දහ හතරක් බිරිඳ සමග ගෙදර ගෙවන ජීවිතය ගැන ඇඟේ හිරුගඬු පිපෙමින් සිතන විටය. 


කෙසේ වෙතත් ඔහු අකැමැත්තෙන් වුව ද ඔහුගේ බිරිය සමග කාරණය පවසා ඇති අතර බිරිඳ ඔහුට දොස් පවරා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව දැනුවත් කර ඇත. සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා ඇත්තේ ඔවුන් අමනාපයෙන් පසුවන බවත් එම නිසා ආශ්‍රිතයන් ලෙස ඔවුන්ගේ නම් නොපැවසුව බවය. 


කෙසේ වෙතත් කාරණය පිළිබඳව කියූ විට ඔවුන්ට ස්තූති කරමින් සෞඛ්‍ය පරීක්ෂකවරු ඔවුන්ව නිරෝධායනයට ලක්කළ අතර කාරණය අවබෝධ වූ ඔහුගේ බිරිඳ දින දහහතර තුළම  සිය සැමියාට හා අල්ලපු ගෙදර කාන්තාවට බැණ වදිමින් ගත කර තිබේ.

 



අදහස් (0)

කාන්තා හුටපටයකට අල්ලපු ගෙදරට කොරෝනා පාඩමක් උගන්වන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site