IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කැන්ටිමේ හොරුන් අල්ලන්න ගහපු ගැටේට මුදලාලි අහුවෙලා

(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
ලොරි රථ රියැදුරන් අතර ජනපි‍්‍රය ආපනශාලාවක නිතරම සිදුවන කෑම හොරකමක් අල්ලන්න ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කරන්නට ගිය එම ආපනශාලාවේ හිමිකරුවාට වූ ඇබැද්දියක් පසුගියදා වයඹ පළාතේ නගරයකින් වාර්තා විය.


මෙම ආපනශාලාව උදේ සවස නිතරම ජනයාගෙන් පිරී තිබෙන්නක් වූයේ මෙය කාලයක සිටම හොඳින් පවත්වාගෙන ආපු නිසාය. මුදලාලි මහත්මයත් කඬේට එන සියලූම දෙනාට හොඳින් සලකයි.


එත් ටික දවසක ඉඳලා හවසට ලාභ පාඩු බලපු මුදලාලි මහත්මයාට ආදායමේ පොඩි අඩුවීමක් නිසා එය සොයා බැලූවත් හොයා ගන්න බැරුව ගිය නිසා ඔහුගේ හිතවතකු දීපු උපදෙසක් මත කඬේ සියලූම පැති පේන විදියට බර ගාණක් වියදම් කර ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ.


දින කිහිපයකට පසුව එම දර්ශන තමන්ගේ බිරිය හා නිරීක්‍ෂණය කරද්දී දිනපතා එහි එන පූස් තඩියෝ කීප දෙනෙක් බේකරි නිෂ්පාදන හොරා ගෙන යන ආකාරය දිස් වීමෙන් හොරු අල්ලාගත් නිසා මුදලාලි සතුටට පත්වෙලා සිටියත් ඉදිරි දර්ශනවලදී කඬේට එන රුව ඇති ළඳුන්ට මුදලාලි නොමිලයේම බඩු දෙන ආකාරයද බිරිය දැකගත් නිසා මුදලාලිට දෙවියෝ බුදුන් සිහිවුණාලූ.


මුදලාලි බිරිය තම හිතවතුන්ට පවසා ඇත්තේ කඬේ හොරුන් කෙසේ වෙතත් අලූත් කැමරාව නිසා තම සැමියාගේ හොරකම් අල්ලගන්න නම් පුලූවන්වුණ බවය. එදා සිට ගෙදරට වී සිටින මුදලාලි අලූත් කැමරාවක් නිසා තමන්ටවුණ වියෝව ගැන කල්පනා කරමින් ඉන්නවලූ.



අදහස් (0)

කැන්ටිමේ හොරුන් අල්ලන්න ගහපු ගැටේට මුදලාලි අහුවෙලා

දුමින්ද Monday, 16 March 2015 07:09 AM

හරි ශෝක් මුදලාලි -වැඩේ ජෝන් බාස් (අ)

:       0       0

කුමාරි Saturday, 14 March 2015 01:09 PM

මුදලාලි හත් පොලේම ගාගන... උඹ නාඩන්..... උඹ නාඩන්, උඹට ඕව හොඳ පාඩම්.... කිවලු. (නදී)

:       0       0

වසන්ත Sunday, 15 March 2015 05:59 PM

මේවත් විහිළුද ? තනි අැහට අැඩෙනවා (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 15 March 2015 11:21 PM

ලදුන්ට මුදලාලි නොමිලයේ බඩු දීල කොයිතරම් ලොකු පිනක් ද කරගත්තේ. ආයිමත් ඔය වාගේ පින් වැඩ කරගන්න කවදා ලැබේවිදෝ කියල කල්පනා කර කර ඉන්නවා ඇති. (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Sunday, 15 March 2015 12:59 AM

ඔය කැමරාව නිසා බඩට වැදුනේ "දන්සැල්" කන්න ආපු අර අහිංසක කෙල්ලන්ට නේ. මුදලාලි දැන් ගෙදරට වෙලා ඉන්න නිසා ඉස්සර වගේ ලමිස්සියන්ට දන්දීලා පින් ලබාගන්න බැරි නිසා...."තමන්ටවුණ වියෝව ගැන කල්පනා කරමින් ඉන්නවලූ." (නදී)

:       0       0

ඇසිලින්නෝනා Monday, 16 March 2015 02:48 PM

මේ කියන්නේ මහ බැංකුවේ බිල් පත් බිස්නස් එක ගැන. (බ)

:       0       0

සම්පත් Monday, 16 March 2015 02:52 AM

එ්ක තමයි කියන්නේ මේක හරියට වීදුරු ගෙවල් වල ඉදන් රෙදි ගැලෙව්වා වගේ වැඩක් කියලා. (නදී)

:       0       0

මධූ Saturday, 14 March 2015 06:40 AM

හොර ගෑණු ඉන්නවා නම් නියමයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 March 2015 08:18 AM

මුදලාලිට දැන්නම් හිතෙනවා ඇති මීට හොඳයි හක්ක පටස් එකක් කෑවනම් කියල නේද ? (බ)

:       0       0

අප්පුහාමි Monday, 16 March 2015 03:47 AM

බලාගෙන යනකොට හොර පූසෝ විතරක් නෙමෙයි හොර පුසියෝත් ඉඳලා තියෙනවා !(නදී)

:       0       0

හංසිකා Sunday, 15 March 2015 02:19 PM

මුදලාලි ගා ගත්තේ හත් පොලේ විතරයි. කුමාරි නම් මීට පෙර ඉදන් දහ අට පොලේම ගා ගත්තා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site