රාත්‍රි කාලයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන්ගේ නිදන කාමරවලට එබිකම් කිරීමට ගිය පුද්ගලයකු අල්ලාගත් ගම්වාසීන් ඔහුට හොඳ හැටි ගුටි බැට දී පොලීසියට භාරදුන් සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ප්‍රදේශයේ නිවෙස්වලට රාත්‍රී කාලයේ වහලින් හා ජනෙල්වලින් එබිකම් කර කාන්තාවන් නිදන අයුරු නැරඹීම විනෝදය කරගත් පුද්ගලයකු ප්‍රදේශයේ සැරිසරන බවට පැතිර ගිය ආරංචියක් නිසා ගම්වාසී තරුණියන් පිරිසක් ඒ ගැන විමසිල්ලෙන් සිට ඇත. එහෙත් ඔවුන්ගේ අැස් වසා දිනපතාම පාහේ ගමේ කොතනක හෝ ගෙයකට එබිකම් කර තිබේ. සමහර නිවෙස්වලට ජනෙල්වලින් ඇතුළු වී ගේ තුළට රිංගා කාන්තාවන්ගේ අඟපසඟ බලා ජංගම දුරකථන ඇත්නම් ඒවාද සොරාගෙන පසුපස දොරකින් පලා ගොස් තිබුණි.
පසුව ගම්වාසීන් මේ ගැන ප්‍රදේශයේ පොලිසියටද පැමිණිලි කර ඇත. කෙසේ හෝ මේ පුද්ගලයා අල්ලා ගැනීමට ගම්වාසීන් රාත්‍රී ගණනාවක් නිදි වරා තිබෙන අතර පසුව දිනක් නිවසකට ඇතුළුවීමට උත්සාහ කරන අවස්ථාවේදී ඔහු කොටුකර ගැනීමට ගම්වාසීහු සමත් වූහ.අල්ලාගත් මෙම පුද්ගලයාට පිරිමි පමණක් නොව කාන්තාවන්ගෙන්ද හොඳ හැටි ගුටි සංග්‍රහයක් ලැබී තිබෙන අතර පසුව මෙම පුද්ගලයා පොලිසියට භාරදීමට කටයුතු කර ඇත.
වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතුන් නිදන කාමරවලට එබිකම් පාන අනංගයා මාට්ටු
රිතික් Tuesday, 18 January 2022 09:30 AM
මම බේරුනේ අනූනවයෙන්