IMG-LOGO

කතට බැල්ම හෙළා ළිඳත් ඉහින්න වෙලා


රාත්‍රියේ නිවෙසක පිටුපස සැඟවී සිට එම නිවසේ කාන්තාව දෙස බැල්ම හෙලීමට ගිය පුද්ගලයෙකු පය ලිස්සා ගොස් එම නිවසේම ළිඳට ඇද වැටීමට පත්ව නිවැසියන් අතට හසුවී එම පුද්ගලයා ලවා රාත්‍රීයේම ළිඳ ඉසීම සිදු කර සුද්ධ පවිත්‍ර කර ගැනීමේ සිද්ධියක් අලව්ව සහ පොල්ගහවෙල නගර අතර පිහිටි ගම්මානයකින් ලංකාදීපයට වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


කාන්තාවන්ට බැල්ම හෙලන මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ බින්න පවුල් ක්‍රමයට ජීවත් වන්නෙකි. කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත මොහු සති කීපයකට පසු නිවාඩු ලැබ නිවසට පැමිණෙන අතර එම ගමේ සහ අවට ගම්මානයේ නිවෙස්වල වෙසෙන කාන්තාවන්ට බැල්ම හෙලමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස සැඟවී බලා සිටීම පුරුද්දක් කර ගත්තෙකි. 


දිනක් ඔහු රාත්‍රියේ නිවසක පිටුපස සැඟවී සිටීමට පැමිණියේ නිවසේ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් බලා සිටිනු රිසියෙනි. නිවසේ පිටුපස දෙසින් ඇසුණු විශාල ශබ්දයෙන් කලබලයට පත්වූ එම නිවසේ නිවැසියන් ඒ පිළිබඳව සොයා බැලීමේ අරමුණින් නිවස පිටුපස සෝදිසි කළද කිසිදු හෝඩුවාවක් එම ශබ්දය පිළිබඳ සොයා ගැනීමට නොහැකි විණි. 


තවදුරටත් විදුලි පන්දම් එළියෙන් අවට සෝදිසි කරමින් සිටි නිවසේ ගෘහ මූලිකයාට ළිඳට උඩින් කොළ රොඩු වැටීම වැළැක්වීමට තමා විසින් දමා තිබූ මදුරු දැල සහ ලී කිහිපය නොමැති බව දැක ඔහු එයට කුමක් සිදු වූයේ දැයි සොයාබැලීම සිදුකළ විට ළිඳට එල්ල කර විදුලිපන්දම් එළියෙන් දුටුවේ මදුරු දැලත් සමඟ ළිඳට වැටී සිටින පුද්ගලයෙකි.


සිද්ධිය පිළිබඳ කරුණු වටහා ගත් ගෘහ මූලිකයා නිවෙස් හිමියන් හා අසල්වැසියන්ටද ඒ පිළිබඳව දන්වා ළිඳේ සිටි පුද්ගලයා ගොඩට ගෙන අද උඹට යස පාඩමක් උගන්වන්නම් යැයි පවසමින් ඔහුට පැන යාමට නොදී රඳවාගෙන එම පුද්ගලයා ලවා ළිඳ වතුර බාල්දියකින් ඇදීමට නියෝග කර එය අවසන් වූ පසු ළිඳේ මඩ අද්දවා ළිඳ පිරිසිදු කරගෙන ඇත.


ළිඳ පිරිසිදු කරන අතර අසල්වාසීන්ගේ දැනුම්වත් කිරීමෙන් එම රාත්‍රියේ සිද්ධිය දැක ගැනීමට ගමේ වැසියන් අඩකටත් වැඩි පිරිසක් එම නිවසට පැමිණ සිටි අතර ළිඳ පිරිසිදු කර අවසන් වන විට මධ්‍යම රාත්‍රියද ඉකුත්ව ගොස් තිබුණි.


ළිඳට ඇද වැටී එම නිවසේ කාන්තාවට බැල්ම දැමීමට පැමිණ ළිඳට ඇද වැටී ළිඳ ශුද්ධ පවිත්‍ර කළ අවසන් කළ පුද්ගලයා තවදුරටත් ගමේ රැඳී නොසිට පසුදා උදෑසන ගමෙන් පිටත්වන බසයෙන් කොළොම්පුර බලා පිටත්ව ගිය බවට එම බසයෙන් නගරය කරා ගිය ගම්වැසියෝ පැවසූහ.

(අලව්ව - ජයන්ත කුමාර දිසානායක)



අදහස් (0)

කතට බැල්ම හෙළා ළිඳත් ඉහින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site