නිවසේ ඇති දැඩි කරන සුරතල් බල්ලා, මහමග ගිය කාන්තාවක් සපා කෑවයි උරණ වූ තරුණයකු එම බල්ලා එල්ලා මැරූ බව කියවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. එය වියලූවේ ගම්බද නිවෙසකි. එහි හැමෝම බල්ලන්ටත් බළලූන්ටත් එකසේ ආදරය කළහ. ඔවුහු තම නිවසේ සුරතලයට බල්ලකු මෙන්ම බළලකු ඇති දැඩි කළහ. දිනක් බල්ලා මහ මග ගිය කාන්තාවක පසුපස පන්නා ගොස් ඇය සපා කෑවේය. උරණ වූ කාන්තාව නිවෙස දෙසට හැරී බැණ වැදුණේ බල්ලන් ඇති කරන ආකාරය ගැන පාඩමක්ද කියා දෙමිනි. බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි තරුණයා තීරණයක් ගත්තේය. යළිත් එවැන්නක් නොවන්නට ඉඩ නොතබන බව කාන්තාවට පැවසූ හෙතෙම තංගුස් ලණුවකින් තොණ්ඩුවක් සාදා නිවස අසල ගසක ගැට ගැසුවේය. බල්ලාගේ ගෙල තොණ්ඩුවට දමා හිර කළේය. විනාඩි කීපයක් දඟලමින් මර හඬ තැලූ බල්ලා තම ස්වාමියා දෙස බලාගෙනම අවසන් හුස්ම පොද පිට කළේය. බල්ලා සපා කෑම කියා ප‍්‍රතිකාර ගන්නට රෝහලට ගිය අවස්ථාවේදී බල්ලා එල්ලා මැරූ බව කාන්තාව වෛද්‍යවරයාට කියා සිටි නිසා ඇයට පිස්සු බලූ රෝගය වැළැක්වීමේ එන්නත ලබා දීමටද සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතක සපා කෑවාට බල්ලා එල්ලා මරලා
maxi Wednesday, 29 February 2012 12:51 PM
බෝගම්බර තනතුරට අයදුම්පත් දාපු කෙනෙක් වාගේ..
සමන්ත Wednesday, 29 February 2012 01:37 PM
සත්ව හින්සා පනත යටතේ දඩුවම් කළ යුතුයි
susa Saturday, 03 March 2012 03:50 PM
එල්ලුම් ගහ ගෙදරට ගිහින්
unknown Wednesday, 29 February 2012 10:27 AM
පිස්සු බල්ලට නෙමේ. ගෙදර අයටයි.
සුමුදු Wednesday, 29 February 2012 11:33 AM
පව් අහිංසක සත්වයා.