කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
බස් රථයේදී කතක් සමග කයියකට ගොස් කවදාවත් නොවුණු අලි අැබැද්දියකට මුහුණදුන් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ප්රධාන නගරයකින් අසන්නට ලැබේ.
ගාල්ල - කොළඹ බස් රථයකි. එහි ඔහුද විය. බසයේ අසුන්වල වාඩිවී සිටි අයට වඩා වැඩි පිරිසක් සිටියේ සිටගෙනය. ඔවුන් ද සිටියේ කිටි කිටියේය. මේ අස්සේ රූමත් කතක් ඔහුට මදහස පෑවාය. ඔහුද පෙරළා මනමාල සිනාවක් දැම්මේය. මේ කත යළි සිනාසුණාය. ඒ සිනාවේ අරුත ඔහුට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවූවේය. ඒ නිසාම ඔහු බසයේ සිරවී තෙරපී සෙනඟ අතරින් ඇය වෙතට ළං වූවේය.
දැන් මිනිහා කත ළඟය. ගෑවෙන්න ඔන්න මෙන්නය. කතගේ ප්රතිචාරය එන්න එන්නම සුබවාදී බැවින් ඔහු සිටියේ ඇයට හේත්තු වෙමිනි. එහෙත් ඇයගෙන් ඊට විරෝධතාවක් ද නොවීය. ඒ අතරේ ඔහු නිකන් නොසිටියේය. ඔහු ඇය සමග ලොකු කයියකය. රස වෑහෙන කතාද ඒ අතරය. හිමි, හිමිටය. කොඳුර කොඳුරාය. ඇයගේ කනට කට තියාය. මිනිහට දැන් මෙලෝ සිහියක් ද නැත. වටපිටාව ගැන අවබෝධයක් නැත්තාසේය.
ඒ සමගම හදිසියේම මේ කත කීවේ තමා ඉස්සරහා තියෙන බස් නැවතුමෙන් බසින බවය. ඒ අනුව ඇය ඔහුගෙන් සමුගෙන බසයෙන් බැස ගියාය. ඔහු සිටියේ දුකිනි. ඇයගේ සුවද සිත්හි දරා ගෙනය. ඒ සුවඳට ආශා කරමිනි.
මේ අතරේදී බසයේ කොන්දොස්තර තැන ඔහු වෙත කෑමොර දෙමින් පැමිණියේය. ඒ ඔහුට ඉතිරි මුදල් ලබාදීමටය. කොන්දොස්තර දුන් ඉතිරි මුදල් සිය මුදල් පසුම්බියේ දමා ගැනීමට ඔහු කලිසම් සාක්කුවට අත යැවීය. තමා බස් රථයට නැගිවේලේ කොන්දොස්තර තැනට ටිකට් ගැනීමට මුදල් දුන් මුදල් පසුම්බිය එහි නොවීය. ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේය. මුහුණ රතුවිය. මුළු ගතටම දහඩිය දැමුවේය. අර කතගේ සුවද තවමත් ඔහුගේ හිතේ එහෙම්මමය. බසයේ තමා පිටුපස සිටි තරුණයාද අතුරුදන්වී තිබිණ. ඔහුත් ඇය බැස්ස බස් නැවතුම් පොළෙන් බැස යන අයුරු ඔහුට යාන්තමට මෙන් මතකය. එමෙන්ම මේ කත තමා ඇයට හේත්තුව දාගෙන කයිය ගසාගෙන සිටිනා විටදී ඇය වරින් වර පිටිපස බල බලා සිටි බවද ඔහුගේ මනසට ගලා ආවේය. ඒ සමගම ඇයගේ දෙනෙතින් පිටුපසට යම් යම් සිහින් සංඥා නිකුත් කෙරුණු බවද තීක්ෂණව කල්පනා කළ ඔහුගේ මනසට ආවේය. ඒ සියල්ල අවබෝධ වනවිට සිදුවිය යුතුදේ සිදුවී හමාරය. ඔහු මෙය මිතුරන්ට කීවේ සෙනඟ පිරි බසයක යනවිට නොදන්නා කාන්තාවන්ට ළංවිය යුත්තේ මුදල් පසුම්බියද පරිස්සම් කර ගනිමින් කියමින්ලු.
2025 දෙසැම්බර් මස 04
503
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතකට හේත්තුව දමා අලි අමාරුවක වැටිලා
රිතික් Friday, 17 October 2025 02:50 PM
මම නම් වැඩෙත් කරගන්නවා තාම පර්ස් එක නැතිවෙලත් නෑ.