IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කුඩුකේඩු මාරු වී පටි රෝල්


ගමේ ගොවි මහතුන් එකතුවන ගොවි සංවිධානයේ රැස්වීමක් දැනගන්නට ලැබුණේ රජරට පළාතෙන් ගොවීන්ට ඇති අඩුපාඩු අතර පොහොර, බිත්තර වී, ජල යෝජනා ක්‍රම ගැන කතා විය. වල් පැළෑටි ගැනද සමහරු පවසන්නට විය. වල් පැළ නිසා අස්වනු අඩු බවත් වල් නාශකවලට ද මේවා මර්දනය නොවීම ගැන ද නිලධාරීන්ට පැවැසීය.
මේ අතර සිටි එක් ගොවි මහතෙකු පැවසුවේ කුඩුකේඩු නිසා තමාගේ කුඹුර හොඳටම නිසරු වූ බවයි. මේ ප්‍රදේශවල ගොවින් ‘කුඩුකේඩු’ යනුවෙන් හඳුන්වන්නේ ‘ගොජරවාලු  කියන වල්පැළටවලයි. මෙය කන වැකුණු මහලු ගොවි මහතකු නැගී සිට, ඒකනම් ඇත්ත  බං සංවර්ධන මහත්තයටත් දැනගන්න මම මේ කියන්නෙ. කුඩුකේඩුකම් කරන එවුන් කුඹුරුවලට විතරක් නොවෙයි අපේ ගම පුරාම ඉන්නවා. 
එවුන් වඳකරන්න අපිට තියා සක්කරයටවත් බෑ.


එකෙක් කනවට අනිකා  කැමති නෑ. මගෙ වැට මායිමේ තියෙන කොස්ගහ කපා ගත්ත මස්සිනා. ඒක උගෙ කියලා ඔන්න ඕකයි මහත්තයො අපේ ගම්වල හැටි.
මොනවද  අත්තෙ මේ කියන බහු භූත කතා. ඔයා කියන කුඩු කේඩු ගැන නොවෙයි මෙතක කතා වුණේ. වල් පැළ ජාතියක් ගැන තරුණ ගොවියෙක් ඉදිරියට පැන වේගයෙන් පවසන්නට විය. මහලු ගොවි මහතාගේ කතාව නිසා මුළු සභාවම සිනා සයුරක ගිලුන අතර ඔහු දකින විට තරුණ පිරිස පවසන්නේ ‘‘අද සැම තැනම කුඩුකේඩු නේද අත්තේ’’ යනුවෙනි. එවිට හොඳ හොඳ වචන පිටවෙන සැටි අපූරුය.

නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රි

 



අදහස් (0)

කුඩුකේඩු මාරු වී පටි රෝල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1155 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1160 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site