IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එක මලකට පෙම්බැඳ ගුටි කෙළියක

හෝටලයේ සේවය කළේ තරුණියන් දෙදෙනෙකි. එහි වෙළෙඳාම දිනෙන් දින ඉහළ යෑම මුදලාලිගේ සතුටට හේතු විය. මාසික ආදායම තමා හිතුවාටත් වඩා වැඩි වූ නිසා ඔහු  කළේ මුදල් ගැනීම තරුණියන්ටම පවරා තවත් හෝටලයක් බදු ගැනීමය. තරුණියන් වැඩ කළ හෝටලයේ ආදායම මාස කිහිපයක් යනවිට සරු වුවත් පසුව පහත වැටීම මුදලාලිට ගැටලුවක් විය. කනින් කොනින් යම් යම් දේ ආරංචි වුවද ඔහු ඒවා විශ්වාස නොකළේය.


දිනක් සවස  හෙතෙම හෝටලය වැසීමට පැමිණෙන විට එහි ඉදිරිපිට තරුණයන් දෙදෙනකු රණ්ඩුවෙන අයුරු දැකගත හැකි විය.


හෝටලයේ තරුණියෝ  දෙන්නා දෙපසට කරමින් සිටියහ. මුදලාලි දුටු තරුණියෝ අතුරුදන් වූහ. තරුණියගෙන් හේතුව විමසීමේදී ඔවුන් දෙදෙනා මිතුරන් බවත් කුමන හෝ හේතුවකට රණ්ඩු කළ බවත් ඇය පැවසුවාය.


හෝටලය වැසූ පසු තරුණියන් දෙදෙනා පිටව ගිය අතර මුදලාලි කැලේ අසල වෙළෙඳසැල් වලින් මේ ගැන විමසීය. එක් තරුණියකට පෙම්වතුන් දෙදෙනෙකු සිටින අතර ගුටි ඇන ගත්තේ ඔවුන් බව අයෙක් පැවසීය.


අනෙක් තරුණියද පෙම්වතුන් කිහිප දෙනෙකුම ඇසුරු කරන බවත් ඔවුන් සැවොම රිසිසේ හෝටලයෙන් ආහාර අනුභව කළත් සේවිකාවන් ඔවුන්ගෙන් මුදල් අය නොකරන බව තවකෙක් පැවසීය.


මුදලාලි පසු දිනම පඩි නඩි ගෙවා සේවිකාවන් ඉවත් කර කඩේ ඉදිරිපස දැන්වීමක් ඇළ වූයේය.


‘‘හෝටලයේ වැඩට අවුරුදු හතළිහට වැඩි සේවිකාවන් අවශ්‍ය වී ඇත. සිත් ගන්නා වැටුප්’’
ගම්පහ උප නගරයක සිදුවීමකි.

ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

එක මලකට පෙම්බැඳ ගුටි කෙළියක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site