මොරගොල්ලාගම - සිසිර කැලේගම
දින ගණනාවක් තිස්සේ සාමකාමීව පෝලිමේ රැදී සිට තෙල් පැමිණි අවස්ථාවේ දී 02 වැනිදා රාත්‍රියේ දී කළහකාරි ලෙස හැසිරුණු තැනැත්තකුට අත පය හිරි හැරෙන්නට තලා පෙළා පැත්තකට දමා ඔහු මට්ටු කරන්නට තෙල් පෝලිමේ සිටි පිරිසක් විසින් පියවර ගත් පුවතක් කුරුණෑගල බඩගමුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසලින් අසන්නට ලැබුණි.

තෙල් ගැනීම සඳහා ටෝකන් ගත් පිරිසක් සතියකට ආසන්න කාලයක් තිස්සේ දිවා රෑ නිවෙස්වලට නොගොස් එහි රැදී සිටියේ ඉන්ධන ලබා ගැනීම සඳහාය. එලෙස සිටි පිරිසට 02 වැනිදා සවස් යාමයේ පෙට්‍රල් නිකුත් කරන බවට එම ඉන්ධනහලේ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණි.
ඒ අනුව ඉන්ධන ගැනීම සඳහා ටෝකන් රැගෙන නිවෙස්වලට ගොස් සිටි පිරිස් පවා පෝලිම්වලට එක්වීමට ඒකරාශි වූහ.
මේ නිසා ඉදිරියේම නැවතී සිටි වාහන හිමියන්ට ටෝකන් අංක ලබා ගෙන සිටි පිරිස් පිළිවෙළට පෙළ ගැසීම හේතුවෙන් පස්සට යාමට සිදු විය. කෙසේ වෙතත් 02 වැනිදා රාත්‍රී 11.00 පමණ වනවිට පෙට්‍රල් රැගත් බවුසරය එහි පැමිණි අවස්ථාවේදී එහි සේවකයෝ පෝලිමේ රැඳී සිටින අයට අනුකම්පා කොට ටෝකන් පිළිවෙළවලට ඉන්ධන බෙදා හැරීමට සූදානම් වූහ. එහිදි පෝලිමේ සිටි අයකු එම ක්‍රමවේදයට එරෙහිවීමත් සමඟම ඉන්ධන බෙදා හැරීම ඊයේ 3 වැනිදා උදේ සිට ක්‍රියාත්මක කරන බවට සේවකයෝ පවසා ඉන්ධන බෙදා හැරීම නවතා දමා තිබේ.
එහිදී කුපිත වූ පිරිස් එක් පුද්ගලයකුගේ වරදින් විශාල පිරිසකට නැවතත් පෝලිමේ රැඳී සිටින්නට වුවා යැයි පවසමින් එම තැනැත්තාට අතින් පයින් සංග්‍රහ කළහ.
එලෙස ගෙනැවිත් නොදුන් පෙට්‍රල් ඊයේ 03 වැනිදා පෙරවරුවේ සිට බෙදාහැරීමට කටයුතු කර තිබෙන අතර ගුටි කෑමට ලක් වූ තැනැත්තා ද සන්සුන්ව පෝලිමේ ගොස් ඉන්ධන ගෙන නික්ම ගිය බවත් පෝලිමේ පිරිස සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්කෙනකුගේ කටට රොත්තක්ම පෝලිමේ