IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උසාවිය පෙන්නුවාම ‘අජාසත්ත’ පුතාට දෙලෝ රත්වෙලා

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ඉඩම් ආරවුලක් පිළිබඳව ඇතිවූ මත ගැටුමකදී තම පියාගේ දතක් කැඩෙන්න පහරදුන් අජාසත් පුතකු පොලිසියේදී පියාට වඳින ගාථාව ශබ්ද නගා කියා පියාගෙන් සමාව ගත් පුවතක් හක්මන පොලීසියෙන් වාර්තාවේ.


පහර කෑමට ලක්වූ පනස් දෙහැවිරිදි තිදරු පියකු විසින් පොලීසියට කරන ලද  පැමිණිල්ලකට අනුව ඔහුගේ පුතෙකු වන තිස් එක් හැවිරිදි දෙදරු පියකු ඉකුත් දෙවැනි දින අත්අඩංගුවට ගෙන ඇත. පහරදීම සිදුකළ පුද්ගලයාගේ බිරිය හා දරුවන්ද පහර කෑමට ලක්වූ පියා සහ අනෙක් දරුවන් දෙදෙනාද පොලීසියට කැඳවා විමර්ශනයක් කෙරිණි.


සිය පියා අහිංසක අයෙකු බව දරුවන් දෙදෙනෙකු පොලිසියේදී පවසා සිටි අතර පහරදීම සිදුකළ පුතා විවිධ කරුණු කියමින් කරමින් පියාට දොස් පැවරීය. 


සැකකරු තම පියාට පහරදී ඇති බව විමර්ශනයේදී අනාවරණය වීමෙන් පසු පියාට පහරදී තුවාල සිදුකිරීම බරපතළ වරදක් බව සැකකාර පුතාට පොලිසිය කරුණු පහදා දී සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරණ බව දැන්වීය. ඒ සමග තම පුතා උසාවියට රැගෙන නොයන ලෙසත් තම පුතාට අවවාද සිදුකර සමාව දෙන ලෙසත් කඳුළු පිරි දෙනෙතින් යුතුව පියා පොලිසියෙන් ඉල්ලා සිටියේය.


සැකකරුට  දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු  පහරදුන් පුතා පියාට වඳින ගාථාව ශබ්ද නගා කියමින් පියාගේ දෙපාමුල වැඳ වැටී නැවත මෙවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී සමාව අයද සිටියේය.



අදහස් (0)

උසාවිය පෙන්නුවාම ‘අජාසත්ත’ පුතාට දෙලෝ රත්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site