IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


උපන්දින ඩයට් එක බයිට් එකට අරන්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
  යමක් කමක් ඇති අයෙකි. එදින ඔහුගේ ජන්මදිනයයි. සාමාන්‍යයෙන් ඔහු ජන්ම දිනය දා කුමක් හෝ පින්කමක නිරත වන්නේය. එදා තෝරා ගත්තේ කවදාවත්ම නොකළ පින්කමකි. ඒ සිය නගරයේ විහාරස්ථානය අසල  සිටින කාත්කවුරුවත් නැති අසරණයන්ට දිවා ආහාර ලබාදීමය. මේ ආහාර වේලද ඔවුන් අතට පත්වී ඔවුන් පුදුම කරවීම ඔහුගේ අහිංසක අභිප්‍රාය විය.
නගරයේ සුප්‍රසිද්ධ තැනකින් මිල අධික ඉස්තරම්ම වර්ගයේ කෑම පාර්සල් සහිත පෙට්ටි කිහිපයක් ඇණවුම් කළේය. මේ සෑම කෑම පෙට්ටියකටම ඔහු අර අසරණයන් පුදුම කරවන්න අපූරු තෑග්ගක් එයට දැමුවේය. කෑම කන්න එම කෑම පෙට්ටිය විවෘත කරන විටම එය දැක සතුටුවී මේ අය පුදුමයට පත්වේ යයි ද ඔහු සිතූවේය.


එදා සවසම ඔහු මේ විහාරස්ථානයට පැමිණියේ ජන්ම දිනය නිමිත්තෙන් නිවැසියන් සංවිධානය කොට තිබූ බෝධි පූජා පින්කමකට සහභාගීවීමටය. තමා එදින දිවා ආහාර වේල ලබාදුන් අය විහාරස්ථානය අසල ඉතාමත්ම සතුටින් සිටිනු ඇතැයිද තමා දැකීමෙන් ඔවුන් පුදුමවනු ඇතැයිද ඔහු සිතුවේය. තමා හැඳින ගෙන තමාට මුව නොසෑහෙන සේ තුති පුද කරනු ඇතැයි ද යන්න ඔහුගේ යටි සිතේ ගැබ්ව තිබුණේය.
එතනට ගිය ඔහුට මේ එකක්වත් දැක ගන්නට නොහැකිවිය. කිහිපදෙනෙක්ම හතර ගාතේය. තවත් එකෙක් කාටදෝ කුණු හරුපයෙන් බැණ බැණ සිටියේය. ඔහු ටිකක් කිට්ටුවී ඒ අසල සිටි අයෙකුගෙන් මේ අයට අද මේ මොකද වෙලා තියෙන්නේ හැමදාමත් මේ අය මෙහෙමදැයි ඇසුවේ දැන ගන්නටය.
  මේ කට්ටිය මෙහේම හැසිරෙන්නේ නැහැ. අද කවුදෝ මහත්තයෙක් ඇවිල්ලා මේ අයට ඉස්තරම්ම වර්ගයේ කෑම පාර්සලු‍ත් දීලා ඒ මදිවාට ඒ හැම කෑම පාර්සලයකටම මොනර කොළ දෙක ගානේ දාලා දීලා අර කෑම පාර්සලේ තිබූ හොඳ මස් මාලු‍වලින් කොටසක් බයිට් එකට අරන් දෙක තුනක් දාගෙන කෑම පාර්සලය ඩයට් එකට අරගෙන තමයි ඔහොමවුණේ යයි අසල සිටි අය කී විට ඔහු පුදුමයෙනුත් පුදුමවුණේ ඔවුන් පුදුම කරවන්නට ගොස් තමන්ටම පුදුම වන්නට වීමෙනි.

 



අදහස් (0)

උපන්දින ඩයට් එක බයිට් එකට අරන්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 1002 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1043 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3963 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1475 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11874 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 992 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site