
කඩයට ගොස් සිටි වෙද මහතා එන තෙක් විලුඹේ වේදනාව ඉවසාගත නොහැකි වූ දකුණු පළාතේ එක්තරා පාසලක ගුරුවරියක් වෙද මහතාගේ නැගණියගෙන් බෙහෙත් අසාගෙන කසාය බී එලොව ගිහින් මෙලොව ආ පුවතක් පසුගිය දා අසන්නට ලැබිණ.
දරුවන්ට ඉගැන්වීම් කරන විට වැඩිපුර හිටගෙන සිටීම නිසා ගුරුතුමියගේ වම් කකුලේ විලුඹෙන් නැගෙන වේදනාව එන්න එන්නම වැඩිවූ නිසා බෙහෙත් ගැනීමට වෙද ගෙදරට යන විට වෙද මහතා සිකුරාදා පොළට ගොස් තිබිණි. ඇය බංකුවක ඉඳගෙන සිටින විට ඒ අසලට පැමිණි වෙද මහතාගේ නැගණිය “ මේ අසවල් ඉස්කෝලෙ මිස් නේද? මොකක්ද ලෙඬේ ” යැයි ඇසුවාය.
“අනේ නංගි මගේ වම් කකුලෙ විලුඹ හරියට කකියනවා. දැන් මාස ගණනක් වෙනවා. ඉන්න බැරිම තැන මේ වෙද මහත්තයා සොයාගෙන ආවේ.” ගුරුතුමිය පැවසූ රෝගී තත්ත්වය අනුව ඇයට ඇත්තේ රක්ත වාතය බැව් දැනගත් වෙද මහතාගේ නැගණිය ලෙඬේට බෙහෙත පැවසීය.
“මිස් මටත් ඔය ලෙඬේ තිබුණා. ඔය රක්ත වාතෙ. මම ඔය ලෙඬේ දවස් දෙකෙන් ඉවර වෙන්න බෙහෙතක් කියන්නම්. රසකිඳ, දූම්මැල්ල, ආඩතෝඩා මුල්, කටුවැල් බටු හා කොහොඹ පොතු මේ වර්ග ටික අරගෙන පත අට එකට හින්දල උදේ හවස බීල බලන්න. දවස් දෙකෙන් ඔය ඔක්කොම අමාරු ඇරිල යයි. ඇඟටත් සැහැල්ලුවක් දැනෙයි.
ගුරුතුමිය ගෙදර ගිහින් බෙහෙත් බඩු ටික සොයාගෙන මාත්‍රාවකට නැතිව තරමක හට්ටියකට බෙහෙත් වර්ග යහමින් දමා වතුර පත අටක් ද එක් කොට පැය හයක් පමණ තම්බා රස නොබලාම එක හුස්මට පානය කර නින්දට ගියාය.
අලුයම දෙකට පමණ ගුරුතුමිය නින්දෙන් ඇහැරී බලන විට මුලු ඇඟම දහඩියෙන් පෙඟී තිබිණ. නිවෙසේ බිත්ති තමන්ගේ ඇඟ මත වැටෙන්නාක් මෙන් දැනුණි. ඔක්කාර ගතියක් දැනුණු බැවින් බිත්ති අල්ලාගෙන බාත් රූම් එකට යන්න ගියද ඇයට සාලය පසු කර යාමට නොලැබිණ. සාලයේම දෙතුන් වතාවක් වමනය කළ ඇය සාලයේම වැතිර සිටියාය.
දරුවන් දෙදෙනාගෙන් හා සැමියාගෙන් එළිවෙන තුරු සාත්තු සප්පායම් ලැබූ ඇය පාන්දරම වෛද්‍යවරියක හමුවී වෛද්‍යවරියට ද සිදු වූ දෙය නොකියා වමනයට බෙහෙත් ගත්ත ද සුවයක් නොවීය.
ඉන්පසු රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා හමුවී සත්‍ය විස්තරය පවසා ප්‍රතිකාර ගත්පසු වමනය නැවතුන ද තවමත් ඇඟට ශක්තියක් නැතිලු.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඉස්කෝලෙ හාමිනේට වෙදාගේ නංගි දුන් බේත ගේපුරා දෝරේ ගලලා