IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඉඩම මායිමේ රබර් ගසෙන් අයිය මලෝ සමගියෙන් කිරි කපාගෙන

(තිහගොඩ - උපසේන ලියනගම)
තම පියාට අයත් අක්කර තුනක් වූ රබර් ඉඩමක් දෙකට බෙදීමේදී එක් රබර් ගසක් හරියටම ඉඩමේ මායිමට ආවිට දෙපස ඉඩමේ හිමිකරුවන් වූ පුතුන් දෙදෙනා එම රබර් ගසේ දෙපැත්තේ කිරි කපා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පළාතෙනි.


රබර් ඉඩමේ මුල්හිමිකරුවා වූ පියාගේ උරුමය පිළිබඳව ආරවුල් කරගත් මේ පුතුන් දෙදෙනාට ඉඩම අක්කර එකහමාර බැගින් සමසේ බෙදීමේ දී මායිමට ආ රබර් ගස පිළිබඳව දෙදෙනා ආරවුල් නොකොට මෙසේ කිරි කපාගත් අතර පසු කලෙක මේ මුළු ඉඩමේ පැරණි රබර් ගස් ඉවත් කිරීමට ගස් මිලදී ගත් කොන්ත‍්‍රාත්කරු මේ රබර් ගසේ දෙපැත්තෙන් කිරි කපා ඇති ආකාරය දැක ඒ ගැන විමසූ විට මේ අපූරු පුවත දැනගෙන අසල්වාසීන්ට කියා තිබේ.


මේ රබර් ගසත් එකගෙයි දීග කන කෙනෙක් වගේ කෙට්ටු වී ගොස් තිබූ බවද ඔහු පැවසුවාලූ.



අදහස් (0)

ඉඩම මායිමේ රබර් ගසෙන් අයිය මලෝ සමගියෙන් කිරි කපාගෙන

පිටිගල Thursday, 04 June 2015 01:36 PM

එක තමයි නිමල් ඒ දෙන්න කොච්චර හොඳට සමගියෙන් වැඩේ කරලා තියෙනවද? ගහ මරා ගන්නේ නැතුව. මම නම් ඒ ක්‍රියාව අගය කරනවා. (ර)

:       0       0

නිහාල් Tuesday, 02 June 2015 05:02 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දයා නන්දසිරි Tuesday, 02 June 2015 05:03 PM

රබර් ගහටත් ඔහොම නම් අපිට අනෙක් හරිය හිතාගන්න පුලුවන් (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 04 June 2015 07:36 AM

ඇන කොටාගෙන ම්නිමරාගෙන විරසක වෙනවාට වඩා මේ ආකාරයට බේදා හදා ගැනීම කොච්චර දෙයක්ද? (ම)

:       0       0

සඳුන් Tuesday, 02 June 2015 11:15 PM

එකගෙයි දීග කනකොට කෙට්ටු වෙනවා කියන්නේ ඇයි? මට නම් හිතාගන්න බැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 02 June 2015 08:49 AM

නොමැරෙන මිනිසුන් !(නදී)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 03 June 2015 01:57 AM

කොහෙන් කැපුවත් කව්රු කැපුවත් රබර් ගහෙන් එක විදිහට කිරි ලැබෙන්න ඇති. එ්ක නිසා වෙන්න ඇති දෙන්නා සමාදානයෙන් කිරි කපා ගන්න ඇත්තේ. (නදී)

:       0       0

සම්පත් Wednesday, 03 June 2015 03:02 AM

රබර් ගහක් වුණ නිසා හොඳයි. කිරි එළදෙනක් වුණා නම් විනාශයි සහෝදරයෝද මේ වගේ අය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site