(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ත්‍රිරෝද රථයට ගොඩවූ මහත්මා ගමනාන්තයේ නොසිටීමෙන් අන්දුන්කුන්දුන් වූ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.

නගරයේ බස් නැවතුමක් අසල ත්‍රිරෝද රථ ගාලකි. හවස් වරුවේ බොහෝ විට ත්‍රිරෝද රථ වෙත මගීන් පැමිණෙන්නේ මග හැරුණු බස් රථ හඹාගොස් අල්ලා ගැනීමටය. සිදුවීම වූ දිනයේද රථගාලට පැමිණි තරුණයකු වයසක ත්‍රිරෝද රථ රියැදුරෙකුට තමන්ට මීට මොහොතකට පෙර පිටත්වූ බස් රථය අල්ලා ගැනීමට අවශ්‍ය බව පවසා ඇත. එසේ පවසා පොඞ්ඩක් ඉන්න අන්කල් මම ෆෝන් කාඞ් එකක් අරන් එන්නම් යැයි ත්‍රිරෝද රථ රියදුරාට කියා විගසින් අසල තිබූ කඩයකට දිවගොස් ඇත. තරුණයා කියූ දේ ත්‍රිරෝද රථ රියදුරාට ඉක්මන් කරන්න යැයිද මගියා ත්‍රිරෝද රථයට ගොඩවුණා දැයි සිතා බස් රථය හඹා යාම ආරම්භ කර තිබේ.
කාඞ් පත රැගෙන හනික පැමිණි තරුණයා ත්‍රිරෝද රථය නොමැති බව දැක වෙනත් ත්‍රිරෝද රථයකින් ගොස් බස් රථය අල්ලා ගෙන ඇත. වයසක ත්‍රිරෝද රථ රියැදුරු කිලෝමීටර් ගණනක් ගොස් බස් රථය අල්ලාගෙන ආ බහින්න මහත්තයා යැයි කියා පසුපස බලද්දී ත්‍රිරෝද රියේ තරුණයා නොදැක අන්දුන්කුන්දුන් වී ඇත. පසුව ත්‍රිරෝද රථ ගාලට හිස් අතින් පැමිණ තම සගයන් හා පවසා ඇත්තේ මාර වැඬේනේ හයර් එක ගිය කෙනා මගදි අතුරුදන් වෙලානේ යැයි කියාය.
2025 ඔක්තෝබර් මස 08
1590
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1380
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘ආ බහින්න මහත්තයා’ කියා ත්‍රිරෝදයේ පිටුපස බලද්දී මගියා අතුරුදන්