IMG-LOGO

අහන්න ගිය සාස්තරේ සිසුවියන්ට කොඩි විනයක් වෙලා

ඉගෙනගන්න බැරි ලෙස කොඩිවිනයක් කර ඇතැයි පාසල් සිසුවියන් පිරිසක් බියගැන්වූ ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායමක් කොඩිවිනය ඉවත් කරන්නම් කියා සිසුවියන් සතු මුදල් ලබාගෙන පලාගිය සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.

අතිරේක පංතියකට ගොස් ආපසු නිවෙස් බලා යාමට බස් නැවතුමක රැුඳී සිටි අතරේ පැමිණි මෙම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායම සිසුවියන් ළඟට පැමිණ පොඩි නෝනා ”ශාස්ත‍්‍රයක් බලමුද” කියා අසා ඇත.

එවිට ශාස්ත‍්‍ර බැලීමට තමන් ළඟ මුදල් නැතැයි කියූ විට කමක් නෑ, ටිකක් අතදෙන්න බලන්න. සැප විඳින්න වගේම කරදර තිබෙන බව මුහුණුවලින් පේනවා. සල්ලි එපා නිකම් කියන්නම් කියා සිසුවියන් කිහිප දෙනකුගේ හස්ත රේඛා පරීක්ෂා කර ඇත.

මෙලෙස හස්ත රේඛා පරීක්ෂා කිරීමෙන් සිසුවියන්ට ළඟදී ලොකු කරදරයක් වෙන්න තිබෙනවා කියා බිය ගන්නා එය වැලැක්වීමට පඬුරු වශයෙන් රුපියල් 300 බැගින් දෙන ලෙස ඉල්ලා ඇත.

මෙයින් බියට පත්වූ සිසුවියන් දෙදෙනකු තමන් සතුව තිබූ මුදල් එකතු කර දී තිබෙන අතර තවත් සිසුවියන් දෙදෙනකු මුදල් නැතැයි කියා ඇත. එවිට එහෙනම් කරදර වෙයි කියා බිය ගන්නා නැවත එන බවත් කියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

මෙයින් බියට පත්වූ සිසුවියන් ළඟ සිටි වැඩිහිටියකුට මේ බව පවසා ඔහු මාර්ගයෙන් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. එහෙත් පොලීසිය පැමිණෙන විට එම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් පිරිස ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.

 



අදහස් (0)

අහන්න ගිය සාස්තරේ සිසුවියන්ට කොඩි විනයක් වෙලා

සරත් Wednesday, 18 December 2013 10:31 AM

අනේ මන්දා මේ ළමයි පන්ති යන්නේ රටාවටද එහෙම නැත්නම් විෂය කරුණු විතරක්ම ඉගෙන ගන්නද කියලා. බොහෝවිට ලේසියෙන්ම තරුණයන්ගේ ගැට වලට අහු වී අමාරුවේ වැටෙන්නෙත් මේ වගේ අය තමයි.(නදී)

:       0       0

රොෂාන් රෝස් Monday, 23 December 2013 09:23 AM

පව් අහිංසක ළමයි. රටේ ලෝකෙ ගැන දැනුමක් නැහැ. (ස)

:       0       0

ආරියසේන Wednesday, 18 December 2013 09:33 PM

සාස්තරේ රැකියාවක් වසයෙන් තෝරාගෙන ඉන්නේ තමන්ගේ බඩ ගෝස්තරය සොයාගන්න කියන එක අමතක කරන්න හොඳ නැහැ. මිනිස්සු මුලා කරලා මුදල් ගරා ගන්නවා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 18 December 2013 11:41 AM

21 සියවසේ අල්ල බලල කියන පේන විශ්වාස කරන සිසුන්ද ඉන්නේ ,(දිල්)

:       0       0

රසික විතාන Wednesday, 18 December 2013 12:45 PM

මේ වගේ මෝඩ වැඩ කරන අය තවමත් ඉන්නව නේද? (නදී)

:       0       0

ශ්‍යාමලී Wednesday, 18 December 2013 01:31 PM

ඒ ළමයින්ට නැති වුනේ රුපියල් තුන්සීයක් විතරයි. ඔය කාන්තාව නිසා මගේ යාළුවට රුපියල් 2500 ක් නැති වුනා.(නදී)

:       0       0

නුරි Thursday, 19 December 2013 07:50 AM

රටේ ලොකු ලොකු අයත් සාස්තර කාරයන් පස්සේ යන එකේ මේ පොඩි උන් නොගියොත් තමා පුදුමේ. මේ ළමයින්ට අපහාස කරන්න එපා. ලංකාවේ අධ්‍යාපනය තාම සියවස් ගණනක් පස්සෙන් තියෙන්නේ. ඒක වෙනස් කරන කම් මෙහෙම තමයි.(නදී)

:       0       0

අජිත් Thursday, 19 December 2013 06:50 PM

හැම ළමයම එක විදිය නෙමෙයිනෙ. ඉතින් ඕවට අහුවෙනවා තමයි. ළමයිනේ මින් පසු අහුවෙන්න එපා.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Wednesday, 18 December 2013 03:11 PM

නංගී මෝඩකමට බෙහෙත් නැත. ඔයාලගේ විභාග ප්‍රතිපල ගැනත් හිතා ගන්න පුළුවන්.(නදී)

:       0       0

රූපවතී රත්නායක Thursday, 19 December 2013 11:02 AM

ඊයේ අපේ නත්තල් භක්ති ගී ගායනයට උදව් උපකාර කල සැමට ස්තුතියි.(නදී)

:       0       0

ශාන්ති Friday, 20 December 2013 05:13 PM

පොඩි ළමයි ටිකක් නිසා රවට්ට ගන්ඩ ඇති . (අ)

:       0       0

සරත් Thursday, 19 December 2013 11:11 PM

පසු ගිය පුවත් පතක මම දැක්කා ගුරුකම් වැඩකට ලක්ෂ 30ක් දීල ඒක ගන්න පොලිසි ගිය කෙනෙක් ගැන.ළමයි මෙතරම් අන්ද බක්තියෙන් දුරස් වෙන්න උත්සහ කරන්න.අවිද්‍යාවෙන් මිදෙන්න.(අ)

:       0       0

ප්‍රසීන් Friday, 20 December 2013 03:20 AM

සාස්තරේ තමයි...කන්ට සුත්තරේ...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site