IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අලි එළවන්න ඇවිත් අලි අමාරුවක වැටිලා

(හිඟුරානේ නවරත්න සමරතුංග)
අලියකු එළවන්නට ගිය තරුණයකු අලි අමාරුවක වැටුණ බව කියන සිද්ධියක් හිඟුරාණ තෙලගම්පුර ගමෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය: රාත‍්‍රියේ ගමට පැමිණි අලියකු එළවීමට ඔහු සමග තවත් පිරිසක් එක්ව සිටියහ. අලියා සිටින ස්ථානය අසලට ඔහු තම යතුරු පැදියෙන් පැමිණ එය පාලමක් මත නතරකර ගොස් අලියා එළවා දැමීමට එක්ව සිටියේය.


දින දෙකක් ගතවිය. යතුරුපැදි සඳහා සේවා ලබාගන්නා සටහන් යොදන පොතක් එම ගමේ ඇලක් අසළ තිබී ඔහුට හමුවිය.


තම යතුරුපැදියේ පොතද එයම වූයෙන් එය දමා තිබුණ තම යතුරුපැදියේ ලොකරය විවෘත කර බැලීය. එවිට ඔහුට දැනගන්නට ලැබුණේ එහි යතුරු කට්ටලය සහිත යතුරුපැදියේ රක්ෂණ සහතිකය, වාර්ෂික බලපත‍්‍ර ඇතුළු ලියකියවිලිද කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇතිබවය.


ගමට පැමිණි අලියා එළවීමට ගිය අතර වාරයේ කිසියම් අයෙකු යතුරුපැදියේ ලොකරය ඇර සොරකමක් කිරීම නිසා ඔහු දැන් අලි අමාරුවක වැටී සිටින බව කියති



අදහස් (0)

අලි එළවන්න ඇවිත් අලි අමාරුවක වැටිලා

පිටිගල Thursday, 26 March 2015 02:46 PM

අනුන්ගේ පහනෙන් එලිය ගන්න අලිත් ඔය අතරේ ඉන්නවා. (ස)

:       0       0

කාශ්‍යප Wednesday, 25 March 2015 07:48 AM

අලියා කියන්නේ බොහොම බුද්ධිමත් සතෙක් (නි)

:       0       0

සම්පත් Thursday, 26 March 2015 04:54 AM

අප්පා දැන් ඉන්න තරමක් ඉන්නේ පිං අලි. (අ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 24 March 2015 11:55 PM

අලියා එළවන්න ඒ පැත්තට ගිය වෙලාවේ අලියා මේ පැත්තෙන් ඇවිල්ලා, මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ කියලා යතුරු කට්ටලයි ලියකිවිලියි අරගෙන ගිහින් ඇළට විසිකරන්න ඇති. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 March 2015 12:35 AM

සමහර අලිත් ඉන්නවා අමාරුකාරයෝ. අලියම දුන්නද දන්නේ නැහැ වැඩේ ? (නි)

:       0       0

කලන Thursday, 26 March 2015 09:25 PM

අලි එළවන්න හිතන තරම් පහසු නැහැ (නි)

:       0       0

හරීන්ද්‍ර Wednesday, 25 March 2015 11:13 AM

මේ වැඩේ නම් කරන්න ඇත්තේ අලියම තමයි.(ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site