IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අරක්කු දැක්කාම බොරුව අමතක වෙලා

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 


අරක්කු දැක ගොළුවකු කතා කිරීමේ පුවතක් කළුතර නෑබොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙම සිදුවීම වී ඇත්තේ අවමඟු‍ල් නිවෙසකදීය. ඔහු එම ගම්මානයට පැමිණියේ මෑතකදීය. වැඩි කතා බහක් නොමැති හෙයින් මේ ගැන ඔහුගේ පවුලේ උදවියගෙන් විමසද්දී පවසා ඇත්තේ ඔහුට කථන අපහසුතාවක් ඇති බවය.

අධික ලෝබ කමින් පෙළෙන පවුලක් ලෙස හංවඩු ගැසී තැබුණ මේ පවුලේ ගොළු තැනැත්තා ද ඊට නොදෙවෙනි අයකි.

ගමේ වැදගත් නිවෙසක මළගෙයක් සිදු වන්නේ ඔය අතරේදීය. 

මළගෙයට ගොළු පවුලේ සියලු‍ම දෙනා සහභාගි වන්නේ වේලක් දෙකක් නොමිලයේ කෑමට ලැබෙන බවද යටි හිතේ රඳවා ගනිමිනි.

මේ අතර මළගෙදර ඥාතියෙක් මළගෙදර වළ කපන පුද්ගලයන් සඳහා දීමට අරක්කු  බොතල් කිහිපයක් ගෙනාවේය. ඔහු අදාළ පිරිසට සංග්‍රහය ලබාදෙමින් සිටිය දී කථන ආබාධිත පුද්ගලයා ද එම ස්ථානයට පැමිණියේය.

ගොළු භාෂාවෙන් ඔහු යමක් ඉල්ලා සිටියත් එය අනෙක් පිරිසට තේරුම් ගත නොහැකි විය. එබැවින් අනෙක් පිරිස එය නොසලකා හැරියහ. ගොළු පුද්ගලයාගේ ඉල්ලීම එන්න එන්නම වැඩිවිය.

එක්වරම අධික මත් ලෝලියකු වූ ගොළු පුද්ගලයා තමන් තමන්ගේ ව්‍යාජ ගොලු‍ බව අමතක වී ‘‘අයියේ මටත් අරක්කු චුට්ටක් දෙන්න”‍ යැයි ඉල්ලා ඇත්තේ ඉළව් ගෙදර පැමිණි මිනිස්සු මවිතයට පත් කරමිනි.

ඒ සමගම ගමේ වැඩිහිටි පුද්ගලයකු උපහාසයට  පවසා ඇත්තේ අරක්කු දැක්කම, ගොළු‍වොත් කතා කරන බවයි.

 



අදහස් (0)

අරක්කු දැක්කාම බොරුව අමතක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17677 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site