කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
තිදරු මවකි. දරු තිදෙනාගෙන් දෙදෙනෙකු පුතුණුවන්. අනෙකා දියණියකි. ඇය බඩ පිස්සීය. තුන් දෙනාම දීග ගොස්ය. ඔවුන්ගේම නිවෙස්වලය. අම්මා වැන්දඹු කාන්තාවකි. මේ නිසාම ඇය තනිවම වාසය කළේ මහ ගෙදරය. පුතුන් දෙදෙනා මව ගැන සොයා බැලුවෝය. මේ මව පොලියට මුදල් දී සිය ජීවිතය ගෙන ගියාය.
මේ ළගකදී ඉදන් සිය එකම දියණියගෙන් මේ අම්මාට ආවේ ලොකු ඉල්ලීමකි. ඒ මහ ගෙදර තනියම නොසිට සිය නිවසට එන ලෙසය. තමා අම්මා මලක් මෙන් බලා ගන්නා බවට මේ දුව අම්මාට පොරොන්දු වූවාය. බෑනා ද ඊට එක පයින් කැමති විය.
දුවගේ මේ පෙරෙත්ත නිසාම මේ මව දුවගේ නිවසේ නතර වීමට ගියාය. ගියපු දා සිට මේ දුව අම්මා නෑවුවේ උණු වතුරෙනි. බොන්න දුන්නේ මිලෙන් අධික රට පිටිය. කන්න දුන්නේ හොඳ හොඳ කෑම බීමය. ගමන් එක්ක ගියේ බෑනාගේ මෝටර් රථයෙනි.
මහ ගෙදර තනිවම සිට තමන් ජීවත්වූයේ නිසරු දිවියක් බවට මේ අම්මාට ඒත්තු ගියේ දුවගේ නිවසේදීය. මෙහේ සුරපුරයකි. දුවගේ නිවසේදී ඇයට ලැබෙන්නේ අමර සැපය. දුවගේ මේ සත් කාර්යන් ගැන ඇය සිටියේ ලොකු පැහැදීමකිනි.
මේ සත් කාර්යයන් මැද දුව අම්මාගෙන් අපූරු ඉල්ලීමක් කළාය. ඒ තමන්ට නිවාස ණය මුදලක් ගැනීමට මහ ගෙදර ලියා දෙන ලෙසය. අම්මා ඊට එක පයින්මය. වැඩේ කෙරුණේය. කල් යත්ම දුවගේ සැලකිලි එකින් එක අඩුවිය. නාන්න උණු වතුර තියා ඇල්වතුරවත් නොවීය. බොන්නේ කහටය. කිරි පිටි කාලයකින් තොලේ නොගෑවිනි. රස කෑම වෙනුවට ලැබුණේ නීරස කෑමය. නිදා ගන්න ලැබුණු ඇඳ වෙනුවට ලැබුණේ පැදුරු කඩ මාල්ලකි. මේ දුව අම්මාට පල නොකියා පලා කීවාය. අම්මා මෙය තේරුම් ගත්තාය. දුවගේ අඩත්තේට්ටම්ද එන්න එන්නම වැඩිය.
දුවගේ මේ අඩු සැලකිලි මධ්‍යයේ මේ මහලු මව ගියේ එදා සිය තමා කැමැත්තෙන් දුවට මහගෙදර ලියාදීමට ගිය නීතිඥ මහතා හමුවීමටය. තමා දැන් පත්ව ඇති අසරණ තත්වය ඇය නීතිඥ මහතාට කීවාය. ඔහුගේ හදවත උණුවිය.
ප්‍රාණ භුක්තිය තියාගෙන දුවට ලියාදුන් ඉඩම නැවතත් මේ මවට ලියා දීමට නීතියේ ප්‍රතිපාදන තිබිණ. ඒ නිසාම නීතිඥ මහතා දුවව කැඳවා ඇය මහලු මවට සැලකූ කෘර තත්වය පහදාදී ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය පැත්ත අවබෝධ කරදී, මේ අම්මාගේ මහ ගෙදර දුවගෙන් නිදහස් කරගෙන ඇයටම ලබාදීමට කටයුතු කළේය.
මේ අම්මා දැන් මහ ගෙදරය. මහ ගෙදරට එන ඕනෑම කෙනකුට දුව තමා අන්දන්න ගොස් ඇය දුවව ඇන්දූ සැටි පවසනුයේ අප ලීවාට වඩා අටුවාටීකා ඇතිවය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
ගුණරත්න Wednesday, 09 April 2025 11:21 AM
අඟේ ඉඳන් කණ කෑම අපේ සිංහලයන්ගේ උපන් ගතියකි.
Pradeep Kumara Wednesday, 09 April 2025 12:48 PM
තමන් මෙලොවට බිහි කල තමන්ගේම මෑණියන්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒක මට නම් හිතා ගන්නවත් බෑ.