IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


අම්මලා රවටන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා

(කලවාන - උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)

මව්පියන්ගේ බලකිරීම මත  මනාලියක් බැලීමට යාම වැළැක්වීම සඳහා බොරු ලෙඩක් මවා පා රෝහල් ගතවූ තරුණයකුට සිදුවූ අකරතැබ්බයකි මේ.

සිද්ධිය මෙසේය

ඔහු පෙම්කළ යුවතියක් සිටියද ඇයට ගෙදරින් කැමැත්ත ලැබී නැත. ඔහුගේ  මව්පියන් මෙම පේ‍්‍රමය නැවැත්වීම සඳහා විවාහ යෝජනාවක් ගෙනවිත් තිබේ. මනාලිය බැලීමට යාම ඔහු ප‍්‍රතික්ෂේප කළත් මව්පියන්ගේ බල කිරීම නිසා ඔහුට එම ගමන නතර කිරීමට නොහැකිව ඇත.

මෙයින් ගැලවීම සඳහා ඔහු මනාලිය බැලීමට යාමට කලින් දිනයේ බොරු බඬේ අමාරුවක් මවා පා දැඩි අමාරුවක් පෙන්වීම නිසා ඔහුගේ මව්පියන් ඔහු රෝහල් ගත කර තිබේ.

රෝහල් ගත කළ පසු ඔහු නොසිතූ පරිදි එන්නත් සහ සේලයින් ලබාදීමට රෝහල කටයුතු කර තිබේ. මහත් අපහසුතාවයෙන් සිටි ඔහු රාත‍්‍රි කාලයේ මුත‍්‍රා බර සෑදී වටපිට බලා සේලයින් බෝතලයද සමඟ වැසිකිළියට ගිය අතර බෝතලය පහත් වීම නිසා බටය දිගේ ඉහළට ලේ ගමන් කිරීමට පටන් ගෙන තිබේ.

කලබල වූ ඔහු සේලයින් බෝතලයද රැුගෙන ඇඳ වෙත පැමිණ බෝතලය ඉහළට ඔසවා සේලයින් ලබා දෙන බටයේ ඇති අඩු වැඩි කරන කරාමය වැඩිකර තිබේ. ටික වේලාවක් ගත වෙද්දී සේලයින් බෝතලය අවසන් වී ඇති අතර මෙය දුටු හෙදියක් නැවත අලූත් සේලයින් බෝතලයක් සවි කර තිබේ.

පසුවදා උදෑසන රෝගීන් පරීක්‍ෂා කර බැලීමේදී බඬේ අමාරුව සෑදුනු අසාධ්‍ය ලෙඩා අතුරුදන් වී ඇත. ඔහු පිළිබඳ සොයා බලද්දී කාන්තා වාට්ටුවක සිටි පිරිසක් පවසා ඇත්තේ මුහුණ පුරා සුදු රෙද්දකින් වසාගෙන සේලයින් බෝතලයක් අතින්ගත් අවතාරයක් දිව යනු තමන් දුටු බවයි.



අදහස් (0)

අම්මලා රවටන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1518 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site