(වැල්ලව -ශිවා බණ්ඩාර)
තම ස්වාමි පුරුෂයාගේ අනියම් බිරියට පහරදී රිමාන්ඞ් ගත වූ කාන්තාවක පිළිබඳව සිදුවීමක් ඇතුගල්පුරෙන් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.-

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා දෙදරු පියකු වන අතර ඔහුගේ බාල දරුවා ඒ වනවිට මාස තුනක් වයසැති බිලිඳෙකි. ඔහු ඇඟලුම් කම්හලක සේවය කරන ගැහැනු ළමයකු සමඟ අනියම් ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇත. එම ගැහැනු ළමයා සමඟ නිතර නිතර තම මෝටර්රථයේ ගමන්බිමන්වලද යෙදී ඇත. දිනක් තම බිරිය මෝටර්සයිකලයක නැගී ගමනක් යාමට සූදානම් වූ අවස්ථාවේ තම නිවස ඉදිරිපිට මාර්ගයෙන් අනියම් පෙම්වතිය සමඟ තම ස්වාමි පුරුෂයා ගමන් කරනු දැක ඇත.
මෙය දුටු බිරිය යක්ෂාවේශ වී ඇති අතර වහාම තම ස්වාමි පුරුෂයාගේ මෝටර්රථය නවතා අනියම් බිරියට තම හිස රැඳි හිස් ආවරණය ගලවා දිගින් දිගටම පහරදී ඇත.
අනියම් පෙම්වතියගේ හිස පැලි ශරීරයේ බොහෝ ස්ථානවලට තුවාල සිදුවී ඇති අතර එම තරුණිය රෝහල් ගත කිරීමට ගම්වාසීන් කටයුතු කර ඇත.
පහර දුන් බිරිය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති අතර මාස තුනක් වයසැති බිලිඳාට කිරි ලබාදීම සඳහා දිනපතා දරුවා රැගෙන ස්වාමි පුරුෂයාට බන්ධනාගාරයට යාමට සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනියම් පෙම්වතියත් එක්ක සැමියා ගේ ළඟින්ම ගිහින් ජංජාලයක්
sam Wednesday, 12 December 2018 07:44 AM
අනේ පව්.... මේ ගැහැණුන්ගේ කෙහෙවලු පටලවා ගැනීම නිසා, කිසි වරදක් නොකළ අහිංසක සැමියාට මොන තරම් කරදරයක්ද?
jagathThursday, 13 December 2018 10:17 AM
සෑම් ඔයාට පිස්සුද ? කිසි වරදක් නොකළ අහිංසක සැමියෙක් කියන්න. ඔය කියන සැමියා තමයි වරද කරලා තින්නේ තහනම් ගහේ ගෙඩි කලා.