IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනුන්ගේ හරක් අයිති කරගන්න ගිහින් නඩුත් වැටිලා

(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
එළ ගව පට්ටියක් හිමි මැදිවියේ පුද්ගලයෙකි. එළදෙනුන්ගෙන් කිරි දොවා එම කිරි අලෙවිකර තම පවුල ජීවත් කරවන මොහු ගමේ පොදුවැඩ වලට උදව්කරන ගමන් තමන්ගේ වාසියට ද හොඳින් හෝ නරකින් වැඩ කරන්න ගොස් අමාරුවේ වැටුණ අවස්ථා පොලීසියේ ලැග්ග අවස්ථා නැතුවාම නොවේ.


දිනක් තමන්ගේ ගව පට්ටියත් සමග මිතුරු වූ වෙනත් ගව පට්ටියක හොඳින් වැඩුණු එළ ගවයන් දෙදෙනෙකු පැමිණියේ තම ගව පට්ටියේ එළගවයන් දෙදෙනෙකු පරිද්දෙනි. අයිතිකරුවෙකු නැති  මෙම එළගවයන් මසට  වික්කොත් තමන්ට එයින් ලොකු මුදලක් ලැබෙන බව සිතුවේ  දින කීපයක  පටන්ය.  ඒ අදහස මුදුන්පත්කර ගැනීමේ දිනය එළඹිණි.  එළගවයන් ප්‍රවාහනය සඳහා ලොරි රථය පැමිණියේය. 


එළගවයන් පටවන්න පටන් ගත්තේය.  වැඬේ සිතූතරම් පහසු නැත. හොඳින් වැඩී ඇති එළගවයින් පැටවීමට තවත් කීපදෙනෙකුගෙන් හෝ උපකාර අවශ්‍යව ඇත.  පාරේ ගමන් කළ හිතවතෙකි. 

ඔහුගෙන් එළගවයින් පැටවීමට උපකාර ඉල්ලා සිටියේ තමන්ගේ පට්ටියේ මේ ඉන්න එළගවයින් වැඩිනිසා වෙනත් පට්ටියකට දැමීමට රැගෙන යන බව පවසමිනි.  උපකාරයට පැමිණි තැනැත්තා දින කීපයකට ඉහත දී තම එළගව පට්ටියෙන් අතුරුදන්වූ එළගවයින් හඳුනාගත්තේ දත්මිටිකමිනි.  තරහා ඉහවහා ගියේය. ඔහු අතපය විසිකර නැවතුණේ පොලීසියේය.


ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති අනුරාධ හේරත් මහතා ගවපට්ටි අයිතිකරු සිදුකිරීමට ගිය වංචාසහගත ක්‍රියාව පිළිබඳව අධිකරණය දැනුවත් කර නඩුවක්  දැමීමටද අමතක නොකළේය.



අදහස් (0)

අනුන්ගේ හරක් අයිති කරගන්න ගිහින් නඩුත් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site