IMG-LOGO

අත් පළඳනාව රන් දැයි සොයන්න අයිතිකාරයා ළඟටම ගෙනැවිත්

(වලපනේ අරුණ ඩයස්)
 රාගල නගරයේ වෙළඳ ව්‍යාපාරිකයකු සිය අතක පැළඳගෙන සිටි රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පමණ වටිනා රත්තරං අත් පළඳනාවක් පසුගිය දිනක සිය වෙළෙඳ ව්‍යාපාරික ස්ථානය කරා පැමිණෙමින් සිටින අතරතුර නොදැණුවත්වම සිය අතින් ගිිලිහී මහමඟ වැටී ඇත.


 රුපියල් ලක්‍ෂ දෙක හමාරක් පමණ වටිනා සිය අතක පැළඳගෙන සිටි අත්පළඳනාව නොදැණුවත්වම සිය අතින් ගිලිහී ගොස් මහමඟ වැටී ඇති බවට වෙළෙඳ ව්‍යාපාරිකයා විසින් රාගල පොලිසියට පැමිණිලි කර පොලීසිය දැණුම්වත් කිරීමක් සිදුකර ඇත.


 මේ අතරතුර රාගල නගරයේ මහමඟ ගමන් කරමින් සිටි ප‍්‍රදේශයේ තරුණයකුට මහ මඟ වැටී තිබූ මෙම රන් අත්පළඳනාව හමු වී ඇති අතර ඔහු මේ බව සිය හිත මිතුරන් පිරිසකටද පවසා මෙම රන් අත්පළඳානව රත්තරන් නම් එය විකුණා එම මුදලින් විනෝද වීමට කතා බහ කර  ගෙන ඇත.


පසුව එම පළඳනාව රත්තරංද යන්න සැකය දුරු කර ගැනීම සඳහා එම බ්‍රේස්ලට් අත් පළඳනාව රාගල නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වෙත පැමිණ රත්තරංද යන්න පරීක්‍ෂා කිරීමටද දී ඇත.


 වෙළෙඳ ව්‍යාපාරිකයා මෙම අත් පළඳනාව හොඳින් පරීක්‍ෂා කර බලා එය සිය අතේ පැළඳගෙන සිටිත්දී තමා නොදැනුවත්ව සිය අතෙන් ගිලිහී ගිය බ්‍රේස්ලට් අත් පළඳනාව බවට හඳුනාගෙන ඇත.


තමාගේ අත් පළඟනාව බවට ව්‍යාපාරිකයා හඳුනා ගෙන මේ බව තරුණයන්ට පැවසීමෙන් පසු  තරණයන් මුහුණට මුහුණ බලාගෙන ලැජ්ජාවට පත්ව ව්‍යාපාරිකයාට මුහුණදීමට නොහැකිව ලැජ්ජාවට පත්ව දිවගොස් ඇත.



අදහස් (0)

අත් පළඳනාව රන් දැයි සොයන්න අයිතිකාරයා ළඟටම ගෙනැවිත්

ඇසිලින් නෝනා Sunday, 23 November 2014 10:28 PM

සාදාරන ලක්ෂ දෙක හමාරක් වෙන්නැති. එයාර් පෝර්ට් එකේදී නොවේ නම් අතෙන් වැටුණු එකත් හැබෑව. (නදී)

:       0       0

භානු Sunday, 23 November 2014 11:02 PM

සාධාරණව ජීවත්වෙන දුර්ලභ ගණයේ ව්‍යාපාරිකයෙකු විය යුතුයි. නැතිවුණ දේ ආපසු ලැබෙන්න වාසනාව ලැබුනේ ඒකයි. (නි)

:       0       0

සමන්ති Monday, 24 November 2014 12:22 AM

තරුණයින්ට තෑග්ගක්වත් නොදී ගත්ත එක නම් වැරදියි (නි)

:       0       0

අශේන් Monday, 24 November 2014 09:38 AM

මේවා නිකන් ඉන්දියන් ටෙලි නාට්‍ය වගේ.(හේ)

:       0       0

ශාන්ති Monday, 24 November 2014 05:42 AM

දුක් මහන්සියෙන් හරි හම්බ කළ දේවල් එහෙම ලේසියකට නැති නාස්ති වෙන්නේ නැහැ .(දිල්)

:       0       0

දාස Monday, 24 November 2014 02:53 AM

ඔහුට තිබුණේ තරුණයින්ට යම් දෙයක් තෑගිකරන්න. මොනවා වුණත් ඔහු වාසනාවන්තයෙක් (නි)

:       0       0

කැළුම් Monday, 24 November 2014 03:24 AM

අද අප්‍රියෙල් පළවෙනිදා නොවෙයි නේද. (අ)

:       0       0

නලින් සංජීව Sunday, 23 November 2014 07:56 PM

ඉතින් ඕකට මොකෝ ලැජ්ජා වෙන්නේ හොරකමක් කරලා නෙමෙයිනෙ අනෙක අහම්බෙන් වුනදෙයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site