IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අක්කයි මල්ලියි දෙන්නා අම්මයි තාත්තයි අන්දවලා

(තිහගොඩ උපසේන ලියනගම)
 දකුණු පළාතේ ප්‍රකට පාසලක සේවය කොට විශ්‍රාම ලද ගුරුවරයෙකි. දුව පේරාදෙණිය සරසවියේ උගත් අතර පුතා අගනුවර තාක්‍ෂණික ආයතනයක ඉගෙනුම ලැබුවේය. පසුගියදා පුතා තාත්තාට දුරකථන ඇමතුමක් දුන්නේ තම ආයතනයේ සංස්කෘතික වැඩ සටහනක් සඳහා රුපියල් පන්දහසක් කඩිනමින් එවන ලෙසටය. කෝපයට පත් පියා ඔය විකාරවලට මුදල් නැතැයි කියා ඇමතුම විසන්ධි කළේය. 


 පසුගියදා දුව මවට කතා කොට “තාත්ත මල්ලිට සිත් රිදෙන කතාවක් කිව්වද ඔන්න එයාගේ ෆේස් බුක් එකේ හිර කුටියක එයා අඬන ෆෝටෝ එකක් දාලා කීවෙන් මවට තරු පෙනිණි.


 සැමියාගෙන් තොරතුරු දැනගත්  ඇය “දෙන්නනෙ තිබුණේ” කියා නැවත “දරුව මොන වින්නැහියක් කරගෙනද දන්නෙ නෑ” කීමෙන් ඔහු මුදලත් රැගෙන කඩිනමින් කොළඹ ගියේ මහත් සිත්වේදනා මැදය.


 මෙය අක්කා සහ මල්ලී එක්ව කළ කුමන්ත්‍රණයක් බව මේ මවුපියන් තවමත්  දන්නේ නැතිලු. 



අදහස් (0)

අක්කයි මල්ලියි දෙන්නා අම්මයි තාත්තයි අන්දවලා

සුජිත් නිශාන්ත හේවගේ Saturday, 23 April 2016 03:02 AM

දැන් හැම තැනකම ලමයි වංචාවල් කරනවා.(හේ)

:       0       0

රෝෂන් Saturday, 23 April 2016 05:34 PM

වරද ළමුන්ගේ නොව සමාජයේයි. මේ පිරිහුණු සමාජයෙන් ගුණගරුක පුරවැසියෙකු බිහිකරගැනීම අති දුෂ්කරය. ආගමික නායකයන්, දේශපාලකයන්, මාධ්‍ය හා වැඩිහිටියන්ගෙන් ළමුන්ට ආදර්ශයට ගත හැකි කිසිවෙක් නැත. එසේ වුවාය කියා දෙමාපියන්ටද ඇඟ බේරාගත නොහැක. (නි)

:       0       1

ප්‍රදීප් Saturday, 23 April 2016 09:42 PM

අර දෙමවුපියෝ දරු කැක්කුමෙන් විඳවන්න ඇති. ඒ අතරේ හෘදයාබාධයක්වත් හැදුනා නම් කොච්චර පවුද? අන්තිම පහත් ගති ඇති දරුවෝ දෙන්නෙක්නෙ. මට දුක ඒ තාත්තා ගැන. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 24 April 2016 01:25 AM

විශ්‍රාමික ගුරු මහතකුගේ උගත් දුවත්, පුතාත් ලැජ්ජා වියයුතුයි, තම දෙමව්පිය දෙදෙනා මෙවැනි අපහසුවකට පත්කිරීම ගැන. අපි පාසල් යන කාලයේ 1955-1970 මගේ දෙමව්පියන් මට දිනකට දෙන ශත 05- 10 ත් සමහරවිට ඉතුරු කරගෙන ඒවායින් වසර අවසානයට සපත්තු කුට්ටමක් ගැනීමට යොදාගන්නවා. (නි)

:       0       1

පිටිගල Saturday, 23 April 2016 06:07 AM

ලැජ්ජයි මොවුන් ගැන! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 24 April 2016 06:42 PM

පව් අහිංසක අම්මා තාත්තා. දරුවන් නොවේ මේ දෙමාපියන්ගේ මරුවන්.... (නි)

:       0       0

රන්ජිත් Monday, 25 April 2016 01:10 AM

මව්පිය සෙනෙහස අවමානයකට ලක් කළ මේ අයට ඥානය පහළ වේවා! (නි)

:       0       0

ටානි Saturday, 23 April 2016 09:39 AM

අද කාලේ හැදෙන ළමයි ගැන කතාකරලා වැඩක් නැහැ (නි)

:       1       0

හිමල් Monday, 25 April 2016 02:49 AM

ඉල්ලලා තියෙන්නේ පන් දහසක්. හිරේ ගියා කියලා බොරු කියලා නෑ. තමන්ගේ වේදනාව ෆේස් බුක් එකේ දාලා. මෙතන කිසිම කුමන්ත්‍රණයක් නෑ.(රේ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 01:16 AM

ගොඩාක් පවුල් වල උගත් දූ දරුවන් අද මෙවැනි පහත් තත්වයකට පත් වී ඇත. ඔවුන්ට අපහසුතා විඳ දරාගෙන උගන්වන ලද දෙමව්පියන්ට විවිධ ආකාරයේ ගැහැට සිදුකර අනාථ තත්වයකට පත්කර දැමීම අද කාලේ උගත් දූ දරුවන්ගේ මෝස්තරයක් බවට පත් වී ඇත. උගත්කම සමඟම ගුණවත්කමද දූ දරුවන්ට ලබාදීමට අද කාලේ දෙමව්පියන් වෙහෙස නොගැනීම මෙයට ප්‍රධාන හේතුවක් බවට පත් වී තිබේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 April 2016 01:40 AM

රුපියල් පනස්දාහකට මවුපිය සෙනෙහසට නිගා කළ දරුවනි, නුඹලාගේ උගත්කම කුමටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site