IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ටෙලි නිළියගේ පින්තූරයට තාත්තා අන්ද මන්ද වෙලා

අගනුවර බැංකු රැකියාවකට ගිය ලොකු පුතා මාතර පිහිටි සිය නිවසට ආවේ මාස ගණනකට පසුවය. උදේ පාන්දර පත්තරකාරයා යන මොහොතේ අක්කාගේ පොඩි දුව ‘විජය’ පත්තරයක් අරගෙන දෙන්නැයි කියනවා ඔහුට ඇසිණි. ගෙදර අයගේ අවධානයක් නොවුවත් ළිඳ ළඟ රැවුල බාමින් සිටි ඔහු පියාට කීවේ මේසය මත ඇති තම පොකැට්ටුවෙන් මුදල් ගෙන ඇයට පත්තරයක් මිලදී ගෙන දෙන ලෙසය. මුදල් ගැනීමට පොකැට්ටුව විවෘත කළ පියාට දෙවියන් සිහිවූයේ එහි ප්ලාස්ටික් වැස්ම තුළ රූමත් කාන්තාවකගේ සිනාමුසු  පින්තූරයක් වීම නිසාය. මිනිබිරියට මුදල් දෙන ගමන් ඔහු තම බිරියට අඬගසා මේ රූපය පෙන්වා ‘‘හෙමිජ්ජ වගේ හිටියට ලොකු පුතත් එක්කෙනෙක් තෝරගෙන’’ කීවේ සිනා සෙමිනි. පින්තූරයට එබී බැලූ බිරියට හිනා ගියේ මේ ලොකු පුතා පි‍්‍රයකරන ටෙලිනාට්‍ය නිළියකගේ පිංතූරයක් හෙයිනි. ඒත් මේ කතාව මවගෙන් පුතාටත් පුතාගෙන් කාර්යාල මිතුරන්ටත් යාම නිසා දැන් පියාට නිකම් මොකද්ද වගේ ලූ.



අදහස් (0)

ටෙලි නිළියගේ පින්තූරයට තාත්තා අන්ද මන්ද වෙලා

බුද්ධික Friday, 27 July 2012 10:50 AM

මොකක්ද මේකේ වැදගත්කම,,,, .(ස)

:       0       0

මධු Thursday, 02 August 2012 11:13 AM

පිස්සු නැත්තම් ෂෝක් නේද? (නි)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 11:05 AM

නිළිය දැකල මෙහෙමනම් රූ රැජිනව දැක්කනම් කොහොම වේවිද ???.(ස)

:       0       0

කාංචන පතිරණ Monday, 30 July 2012 03:58 PM

විදේශවල ලේඛකයෝ ඕන තරම් ලියලා තියෙනවා. (අ)

:       0       0

සමන් Friday, 27 July 2012 11:23 AM

නොවී තියෙයිද (දී)

:       0       0

සමන් Saturday, 28 July 2012 07:55 PM

ආචාරියතුමාගේ මොලේ තරම හිතාගන්න පුළුවං.. ඇත්තටම බුද්ධිමත් කෙනෙක් කියලා සමහර අදහස්වලින් අපි හිතාගෙන හිටියා.. නමට ඉස්සරහිං පට්ටම් දාගත්තට බුද්ධිමතෙක් වෙන්නෙ නැහැ.. (නු)

:       0       0

හිල්මි Wednesday, 01 August 2012 03:01 AM

නිළියගේ ‍ෆොටෝ එක දැක්කහම තාත්තට මොකද දන්නේ නැහැ වුණේ? (නි)

:       0       0

ෆාරු Friday, 27 July 2012 11:50 AM

අනේ අපිටත් පෙන්නන්නකෝ. (නි)

:       0       0

විජය Sunday, 29 July 2012 03:18 PM

තාත්තට මොනවද වුණේ? අපිට නම් ලංකාවේ ටෙලි නිළියකගේ පින්තුරයක් දැක්ක පළියට එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 28 July 2012 09:10 AM

ඔය නිලියගේ නම කියන්න බැරිද?මම අඳුනන කෙනෙක්ද කියලා බලන්න (දී)

:       0       0

සිසිර Friday, 27 July 2012 12:15 PM

ටෙලි නිළියකගේ රූපයක් දාගත්තේ මොකද ??.(ස)

:       0       0

සම්පත් Friday, 27 July 2012 06:46 PM

පියා සිතන දේ කොහොමද දන්නේ..? අනික, ටෙලිනාට්‍ය නිළියන්ට පිස්සු වැටුනු කොල්ලො ලංකාවේ නෑ දැන්.. (නි)

:       0       0

සම්පත් Friday, 27 July 2012 06:46 PM

පියා සිතනදේ කොහොමද දන්නේ.. අනික.. ටෙලිනාට්‍ය නිළියන්ට පිස්සු වැටුනු කොල්ලෝ ලංකාවේ නෑ දැන්.. (ස)

:       0       0

සුජීව Thursday, 02 August 2012 12:54 PM

මේවටත් අදහස් දානවනේ..!!(නු)

:       0       0

සුදේශ් Saturday, 28 July 2012 10:53 AM

මට නිකං කැරකිල්ල වගේ....(නු)

:       0       0

ධනුෂ්ක Friday, 27 July 2012 08:18 PM

වෙන ප්‍රවෘත්තියක් දාන්නකෝ. (නි)

:       0       0

සුනිල් Tuesday, 31 July 2012 03:44 PM

නම ලියනගම වුණාට ලියන්නේ ලාබ ප්‍රවෘත්ති. ජගත් මහතා කියන දේවල් හරි (අ)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 27 July 2012 08:21 PM

කවුද කියලා කියන්න බැරිද? (නි)

:       0       0

අමිල Saturday, 28 July 2012 11:16 AM

කොල්ල හොයනවා ෆොටෝ එක.. ඒක බැලින්නම් තාත්තාගේ පර්ස්එකේ..!!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 28 July 2012 11:17 AM

ඔය කවුරුත් හදුනන කෙනෙක්ගෙ ඡායාරෑපයක්- දෙනවක හාමිනේගෙ..(නු)

:       0       0

මහින්ද Monday, 30 July 2012 07:58 PM

නොවැදගත් දෙයට ඇයි මේ තරම් අදහස් ගලාගෙන එන්නේ ??? (නි)

:       0       0

සමන්ත Friday, 27 July 2012 08:51 PM

මොකද දන්නේ නැහැ මොකක්ද වගේ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මංගල Friday, 27 July 2012 09:05 PM

මට මොකක්ද.....මොකක්ද ..වගේ ,,,,, (දී)

:       0       0

සංකපාල Saturday, 28 July 2012 11:41 AM

නිකං කැත කතා කියන්න එපා ඒ තාත්තට....!!(නු)

:       0       0

නිළිය Friday, 27 July 2012 09:13 PM

මේක අහල දැන්නම් මටත් මොකක්ද වගේ . (දී)

:       0       0

ජගත් චන්දන අධිකාරි Sunday, 29 July 2012 10:30 PM

උපසේන මහත්තයෝ ලියන්න දෙයක් ඇත්තෙම නැත්නම් නොලියා ඉන්න......ලොකු උදව්වක්. (දී)

:       0       0

ටෙලි Friday, 27 July 2012 09:33 PM

අද කලේ නිළියන්ව කව්ද අදුරන්නේ (දී)

:       0       0

ජගත් චන්දන අධිකාරි Sunday, 29 July 2012 10:31 PM

ආචාර්ය පට්ටම් තිබුණටම ආචාර්යතුමා වැඩක් නැහැ (දී)

:       0       0

ජගත් චන්දන අධිකාරි Sunday, 29 July 2012 10:35 PM

මම ලංකාදීපයට ගොඩක් කැමතියි. ඒත් මේ වගේ මොන්ටිසෝරි කතන්දරවලින් ලංකාදීපයේ අභිමානය නැතිකර ගන්නවා. (දී)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 02:23 PM

ඒ අපේ ආච්චිගේ ෆොටෝ එකද ? (ස)

:       0       0

ෂෙරිල් Wednesday, 01 August 2012 11:59 AM

දැන් ගොඩාක් කොල්ලෝන්ගේ පර්ස්වල තියෙන්නේ මගේ ෆොටෝ කියලා ලඟදී දවසක කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා.මම දැන් ගොඩාක් ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය නිසා පිරිමි ළමයින්ගෙන් හරියට යෝජනා එනවා.පාරේ බැහැලා වත් යන්න බැහැ.පස්සෙන් එනවා ආදරය ඉල්ලගෙන. (නි)

:       0       0

නිමල් Friday, 27 July 2012 10:00 PM

මට මහා මොකද්ද වගේ (දී)

:       0       0

නු Friday, 27 July 2012 10:02 PM

මේක ලියපු කෙනාට නිකන් මොකක්දෝ මොකක්දෝ වගේ හිතෙන්නේ නැද්ද දන්නේ නැ ... (දී)

:       0       0

SJD Friday, 27 July 2012 03:00 PM

'දැන් පියාට මොක්කද වගේලු...." (දී)

:       0       0

උපේක්ෂා Monday, 30 July 2012 01:15 AM

කවුද අනේ ඒ නිළිය ???(ස)

:       0       0

කොටිකවට්ට Friday, 27 July 2012 10:26 PM

දුමින්ද කිව වගේ එක මතක නැ වගේ හිටියම හරි (දී)

:       0       0

සජී Friday, 27 July 2012 03:09 PM

අනේ මටත් ආසයි නිළියකගේ පින්තූරයක් පොකට් එකේ දාලා තියාගන්න. (නි)

:       0       0

ලාංකිකයා.. Friday, 27 July 2012 10:50 PM

නිළියන් කොහේ අදුරන්නද ? එක නාට්‍යක රගපාපු ගමන් එයාලා යන්නේ අහසෙන්නේ (දී)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 09:38 AM

"දැන් පියාට නිකම් මොකද්ද වගේ ලූ." අනේ ඉතින් මොකක්වගේද ??????

:       0       0

සනත් Friday, 27 July 2012 09:47 AM

මේක සාමාන්‍ය සිදුවීමක් නේ.....(ස)

:       0       0

සරත් Friday, 27 July 2012 03:37 PM

මේක අහල අපිටත් මොකද්ද වගේ....(ස)

:       0       0

කුමාරි Sunday, 29 July 2012 08:22 AM

ෂා............වැදගත් ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

ශ්‍රියානි Wednesday, 08 August 2012 11:56 AM

නියම කතාව (දී)

:       0       0

රුවන් Friday, 27 July 2012 10:07 AM

කිචි කිචි වගේ....අපිටත් නිකන් මොකක්ද වගේ මෙයා....නිලිය කවුද අනේ මෙයා.....(ස)

:       0       0

ෂෙරීෆ් Friday, 27 July 2012 03:55 PM

අල්ලපු රටේ නිළියක්ද ??(ස)

:       0       0

වරුණ Friday, 27 July 2012 10:13 AM

තාත්තට නිළිය නලියනවා වගේ පෙනුනද දන්නේ නෑ.....(ස)

:       0       0

රසික කටාර් Saturday, 28 July 2012 04:19 PM

තිහගොඩ උපසේන ලියනගම වෙන වැඩක් නැද්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 3 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 483 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 776 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 636 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1135 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 880 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site