IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


සැමියාගෙන් අම්බානක ගුටි කෑවත් බිරියගේ හදවත උණුවෙලා

(වියලුව වාර්තාකරු) 
තම සැමියා නිවසේ දී පහර දුන් බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් කූඩුවේ රඳවා සිටිය දී බත් මුලක් ද රැගෙන ගොස් තම සැමියා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස් නිලධාරීන්ට ඇවිටිලි කළ කාන්තාවක පිළිබඳ පුවතක් ප්‍රදේශයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය දිනක ප්‍රදේශයේ රෝහලකට ඇතුළු වූයේ සිය සැමියා පහරදුන් බව පවසමිනි. නිරන්තරයෙන් සැමියා පහර දෙන බවත් ඉන් තමුන් මෙන්ම දරු පැටවුන් ද දැඩි අපහසුතාවට පත්වන බවත් ඇය කියා සිටියාය. 


ඒ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් වුණි. පොලිස් නිලධාරීනුත් ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමෙනි. 


අත්අඩංගුවට ගත් සැමියා කළ වැරැද්දේ තරම අවබෝධ කර දුන් පොලිස් නිලධාරීන් ඔහුට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පවරන බව පවසමින් ඔහු පොලිස් සිර මැදිරියේ රඳවා තැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරන තුරුය. 


සිද්ධිය සැලවීමත් සමගම ටිකට් කප්පවාගෙන රෝහලෙන් පිටව නිවසට පැමිණි බිරිඳ බත් මුලක් ද බැඳගෙන පොලිසිය වෙත දිවගොස් වැළපෙමින් පොලිස් කූඩුවේ සිටින සිය සැමියා නිදහස් කර දෙන්නැයි පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේ හඬා වැළපෙමිනි. 


එහෙත් පැමිණිල්ල බරපතළ බව පැවසූ පොලිස් නිලධාරීන් කියා සිටියේ මේ වනවිටත් බිරිඳගේ පැමිණිල්ල මත ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවය. 


දැන් එය වෙනස් කිරීමට තමුන්ට බලයක් නොමැති බවත් එය විසඳා ගත යුත්තේ අධිකරණය මගින් පමණක් බවත් ඔවුහු කියා සිටියහ. 


නිවසේ සිදුවන සුළු ගැටුම් පොලිසිය තෙක් දුරදිග යෑම දෙවරක් සිතා කළ යුතු දෙයක් බව ද ඔවුහු ඇයට පහදා දුන්හ. 


කූඩුවේ සිටින සිය සැමියා දෙස කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටි ඇය පොලිසියෙන් පිටව ගියේ ගෙයි ගින්දර පිටට දීමෙන් තමුන්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව තමුන්ටම සාප කර ගනිමිනි. 



අදහස් (0)

සැමියාගෙන් අම්බානක ගුටි කෑවත් බිරියගේ හදවත උණුවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිනී කාරයේදී පණ ඇවිත්
2024 මැයි මස 10 842 0

මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකි


පියාගේ මළගමට දියණිය හැඩ වෙලා
2024 මැයි මස 09 1056 0

පියා මියගිය පුවත සැල වූ විගස සියලු‍ කටයුතු නවතා රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් සැරසී පියාගේ දේහය ඉදිරිපිටට වී තමන්ගේ ලස්සන පෙන්නන්නට කටයුතු කළ දියණියක ප


ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්
2024 මැයි මස 08 1131 0

සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි. මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්


උපන්දින ඩයට් එක බයිට් එකට අරන්
2024 මැයි මස 07 953 0

විහාරස්ථානයක් අසල කාත්කවුරුවත්, හව් හරණක් නැති අසරණයන් පුදුම කරන්නට ගිය අයෙකුට තමාට පුදුමයෙනුත් පුදුමවෙන්නට සිදුවූ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන


මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
2024 මැයි මස 06 843 1

බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළ


සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා
2024 මැයි මස 04 122 0

සිංහල හින්දු අලු‍ත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site