IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


පියාගේ මළගමට දියණිය හැඩ වෙලා

මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි



පියා මියගිය පුවත සැල වූ විගස සියලු‍ කටයුතු නවතා රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් සැරසී පියාගේ දේහය ඉදිරිපිටට වී තමන්ගේ ලස්සන පෙන්නන්නට කටයුතු කළ දියණියක පිළිබඳ පුවතක් පසුගියදා බස්නාහිර පළාතේ නිවාස සංකීර්ණයකට නුදුරු පෙදෙසකින් වාර්තා විය.
කෙටි කලක් තිස්සේ අසනීපෙන් පෙළුණු පියා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රෝහලක දී මරණයට පත් විය.
 දරුවන් දෙතුන් දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන කතා කර නිගමනයට පැමිණියේ නගරයේම මල් ශාලාවක දේහය තැන්පත් කර අවසන් කටයුතු කරන්නටය.
එම කටයුතු සඳහා සෙසු දරුවන් රෝහල කරා ගමන් කළත් එක් දියණියක ඔවුනට එක් වූයේ නැත. ඇය නිතර ගමන් බිමන් යන යතුරුපැදිය නිවසේ තිබියදීම කුලී රියකට කතා කළාය. 
නිවසේ සිටි ඇය පැවසුවේ මම මෙහෙම එතනට ගිහින් වැඩක් නැහැ ලස්සනට ඉන්න ඕනෑ කියාය. 


කුලී රියක් ගෙන්වාගත් ඇය නිවාස සංකීර්ණ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් ලස්සනට හැඩ වුණේ ඉන් අනතුරුවය. ඇය ඒ සඳහා පැය දෙක තුනක් කල් ගත කළාය.
තමන් ලස්සන වීමෙන් පසු සැමියාට කතා කර මෝටර් රථ කුලී පදනම මත ලබා දෙන තැනකින් ගෙන්වා ගත් රියක නැගී මල් ශාලාව කරා ගියේ තමන්ගේ ලස්සන පෙන්නන්නට මිස පියාට බුහුමන් දක්වන්නට නොවේ.
පසුදින ද ඇය මේ ආකාරයටම සැරසී සැමියා සමඟ පියාගේ දේහය අභියසට ගොස් කාලය ගත කර අවසන් කටයුතු සිදු කෙරෙද්දී යළි නිවස බලා ගියේ පියාගේ මරණයේ සියලු‍ වියදම් සෙසු සහෝදර සහෝදරියන්ට ඉතිරි කරමින් බවද දැන ගන්නට ලැබිණි.



අදහස් (0)

පියාගේ මළගමට දියණිය හැඩ වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තරු හෝටලේ සාදයට ගමේ බඩු දී හතර අතේ වැටිලා
2024 මැයි මස 20 344 0

අත දිගහැර වියදම් කොට මෙරට ප්‍රමුඛ පෙළේ හෝටලයක පැවැත්වූ සිය වැඩිමල් දරුවාගේ මංගල උත්සවයට පැමිණි හිතවතුන්ට විදේශීය රටක නිෂ්පාදනය කරන ලද උසස් තත්වයේ මත


තහනම් ගහේ ගෙඩි කඩන්න ගිහින් පෙම්වතියගේ අම්මාගේ උගුලට අහුවෙලා
2024 මැයි මස 18 276 0

අනියම් පෙමක සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ගිය අයකු පෙම්වතිය කියා ඇයගේ මව හමුවීමට යාමෙන් පෙම්වතාට සිදු වූ අකරතැබ්බයක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබු


නෑගම් යද්දී පාර්සලය මාරුවී දෙලෝ රත්වෙලා
2024 මැයි මස 18 205 0

සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී සීනි වෙනුවට සිමෙන්ති කිලෝ දෙකක් රැගෙන ගිය අපූරු කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ලස්සන ගම්මානයකින් වාර්තා ව


පන්දහසක් පෙන්වා ත්‍රිරෝද රියැදුරාගේ 4500ට විදලා
2024 මැයි මස 18 116 0

රුපියල් 5000ක් පෙන්වා රුපියල් 4500ක් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් ගත් අපූරු හාදයන් දෙදෙනකු ගැන පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. ත්‍රීරෝද රථ ගාලේ ඒ අවස්ථ


ලෙඩා මැරුණැයි සිතා අනුන්ගේ මළගේකට ගිහින්
2024 මැයි මස 18 94 0

මියගිය අයකුගේ මළ ගෙදරට සහභාගි වූ නඩයක් මැරුණු අය ජීවමානව දැක ආපසු ගිය පුවතක් ගල්නෑව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. මෙම ගම්මානයේ උපන් අයකු කුරුණෑගල දිස


මාගල් දෙක කෑවාට පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා
2024 මැයි මස 18 90 0

තල් කොළ මාගල් දෙක අපූරුවට කා නිවසේ මුදුන් යට ලීයේ සිට පහළ බලා සිටිනවා යැයි වයෝවෘද්ධ සැමියා ලවා මීයෙකුට ගහපු ලී කැබැල්ලක් නළල් තලයේ ගැටී තුවාල ලබා ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 822 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2375 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2035 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site