කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
බටහිර රටක සිට පැමිණ බටහිර ක්‍රමයට ආචාර සමාචාර කරන්නට ගොස් සිරුරේ පිටුපස සිදුරු කරගත් කතක ගැන කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
බටහිර රටක වසර ගණනාවක් සේවය කළ ඇය ගමරට පැමිණියේ මේ ඊයේ පෙරේදාය. බටහිර රටක සිට පැමිණි ඇය සිය ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් උදේ පාන්දරම පාරට බැස්සේ පොඩ්ඩක් ඇවිද ගෙන යාමටය. මේ අතර අසල්වාසී කතක්ද සුනඛ සුරතලා සමග පාරට බැස්සේ සුනඛයාට චූ පාරක් දැමීමටය.
බටහිර රට සිට පැමිණි ඇයට අසල්වාසී හිතවතිය දුටු ගමන්ම සතුට ඉහවහා ගියේය. ඒ එක්කම හායී ඩාලින් කියා ඇය හිතවතියගේ බෙල්ල බදාගෙන බටහිර රට ක්‍රමයට සිප වැළදෙගෙන ආචාර සමාචාර කිරීමට සැරසුණා පමණය. මෙම දර්ශනයෙන් අන්දමන්ද වූ සුනඛ සුරතලා ඇයගේ පසු පසට පැන එය ස්පර්ශ කළේ බලු දත් තුන හතරක් එහි සිටින ආකාරයටය. ඒ සමගම පශ්චාත් භාගයෙන් ලේ විදීමට පටන් ගත්තේ බලු දත්වලින් සිදුවූ තුවාලවලිනි.
ඇයි ඩලා සපන ඩෝග් කෙනෙක් එක්ක එළියට ආවේ ආයි ඉන්න බැහැ රිදෙනවා යයි කියමින් ඇය කෑමොර දෙමින් කීවාය.
අනේ නෑ අනේ මූ කවදාවත්ම කෙනෙක් හපලා නැහැ. මූ බය වෙන්න ඇති ඔයා මට කරදරයක් කරනවා යැයි කියමින් ඇය කීවේ ඇයගේ හිත හදන්නත් එක්කය.
අනේ ඩලා මම දැන් කොහොමද මේ ලේත් එක්ක වෝක් කරන්නේ කියමින් ඇය හිතවතියගේ නිවෙසට රිංගා ගත්තේ පස්සා පැත්තේ බලු දත්වලින් එන ලේ පිස ගැනීමටය.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුද්දාගේ තාලෙට අචාර කරන්න ගියාම බල්ලාට තද වෙලා