IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මගුල්දා අඹ යහළුවා මනාලයාගේ රෙදි ගලවලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත

සිය විවාහ මංගල්‍යය දා අඹ යහළුවා මනාලියට හඳුන්වාදීමට ගොස් අමු අමුවේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

ගම් තුලාවේ හැම වැඩක්ම කළේ දෙදෙනා එකටය. කෑවේ බිව්වේ එකටය. ගම් තුලාවේ පමණක් නොව අහල පහළ ගම් හතකම පාහේ ඔහුගේ කැරැට්ටුව ගැන නොදන්නා කෙනෙක් නොවූයෙන් ඔහුට පෙලවහක් කර ගැනීමට සුදුසු මනමාලිය සොයා ගැනීමට හැකිවූයේ වන්නි හත්පත්තුවෙනි.

විවාහය සිදුවූවේය. දෙපැත්තේ නෑ සනුහරේම වෙනුවෙන් මංගල සාදයක්ද සංවිධානය කර තිබිණ. යහළු මිත්‍රාදීන්ට ද එයට ඇරියුම් ලැබී තිබුණ අතර මධුවිතට ප්‍රධාන තැන ලැබී තිබිණි.

යහළුවන් මධුවිතෙන් සප්පායම්වී සිටියේ කණ පැලෙන තරමටමය. ඒ අස්සේ ඔහු සිය මනාලියට තමාගේ සනුහරේ අය සහ මිතුරන් හඳුන්වාදීම සිදුකෙරිණ. ඒ සඳහා මනාලිය පැමිණියේ මනාලයාගේ අත අල්ලාගෙනය.

‘මෙයා තමයි මගේ හොදම යහළුවා’ යයි සිය මනාලියට ඔහු හඳුන්වා දුන්නේය. ශරීර කූඩුව යාන්තමට වත්තම් කරගෙන ඔහු මනාලියට අතට අතදී, ‘මෙයා මාත් එක්ක මේ ගම් පළාතේ නොකළ දෙයක් නෑ, ගමේ ඉන්න කෙල්ලන් මෙයාට පේන්න බැහැ. මම හිතන්නේ කෙල්ලෝ තුන්හතර දෙනෙක්ම මෙයාගේ අතින් අමාරුවේ වැටුණා. මේ පැත්ත පළාතකින් කසාදයක් කර ගන්න බැරිවුණ නිසා තමයි වන්නි හත්පත්තුවෙන් මේ නංගී කසාද බැන්දේ’ යයි ඔහු කියාගෙන කියාගෙන ගියේය.

ඒ සමගම මනාලිය මනාලයාගේ සහ අත අල්ලාගෙන සිටි අඹ යහළුවාගේ අත් ගසා ගෙන ඉකිබිඳිමින් දිවගියේ මංගල සාරියද කැඩි කැඩීය. මනාලයා මනාලිය පසු පස දිව ගියේ ‘අනේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අරූ කිව්වේ බොරු’ යැයි කියමිනි. ඒ වනවිට මේ සිදුවීම දෙපාර්ශවයේ අය මෙන්ම මේ මංගල උත්සවයට සහභාගිවී සිටි අය අතරද කසුකුසුව ජයටම ගිය අතර අඹ යහළුවා එම ස්ථානයෙන් වාෂ්ප කර තිබුණේ ඊළගට සිද්ධ වෙන්න යනදේ අනෙක් අය ඉවෙන් මෙන් දැනගත් නිසා ලු‍.



අදහස් (0)

මගුල්දා අඹ යහළුවා මනාලයාගේ රෙදි ගලවලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 473 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 641 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 921 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 698 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1170 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site