(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ වැඩසටහන් රැසක් හෙට (23) සිට ක‍්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව රාජ්‍ය සේවය ගමට ගෙන යන විශේෂ ජනතා සේවා වැඩසටහන පිළිබඳ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් ක‍්‍රීඩාංගනයේ දී හෙට (23) ආරම්භ වේ.
දිස්ත‍්‍රික්කයේ ජනතාවට බලපාන පොදු ගැටළුවලට රජයෙන් සහන සැපැයීම අරමුණු කර ගනිමින් මාතලේ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.
මෙම වැඩසටහනේදී ගොඩනැගිලි, මාර්ග, වාරිමාර්ග, වැව්, ක‍්‍රීඩා පිටි, අලිවැට, සතිපොල ආදි විවිධ ඉදිකිරිම් හා ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම, ඉඩම් අයිතිය තහවුරු කිරිමට අදාල ගැටළු විසදීම, ස්වයං රැකියා සඳහා උපකරණ හා ආධාර ලබාදීම, ව්‍යාපාරික ණය යන්ත්‍රෝපකරණ ණය, වාහන ණය ඇතුළු ණය පහසුකම් සැපැයීම, සමෘද්ධී, වකුගඩු හා වැඩිහිටි දීමනා ආදිය ලබාදීම, සායන පැවැත්වීම, ආගමික ස්ථාන සඳහා ආධාර ලබාදීම, පොදු ස්ථාන සංවර්ධනය කිරීම, නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීම, ඇතුළු වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
ඉදිරියේදී සියලු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය සේවය ගමට ගෙන යන වැඩසටහනක් හෙට