(මනෝජ් හර්ෂික)
ඉදිරියේ දී පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්ය කරනවා යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අද (10) පැවැසීය.
එසේම වගාවට යෙදිය යුතු පොහොර, කෘමිනාශක සහ වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට ඉදිරියේ දී අදාළ නීතිරීති ගෙන ඒම සඳහා කඩිනමින් පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ ගැටළු සාකච්ඡා කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව පැවැසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd