(මනෝජ් හර්ෂික)
මේ වන විට මෙගාවොට් 450 – 500 ක පමණ ඇති පුනර්ජනනීය බලශක්ති දායකත්වය තවත් වසර 2කින් මෙගාවොට් 2000ක් දක්වා වැඩිකරන බවද, පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කිරීමට කටයුතු කරන බවද විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පැවැසීය.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1ක දායකත්වයක් සැපයෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 115 ක මූල්‍ය පිරිවැයක් දරා තිබේ.
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කළ සූර්ය විදුලිබල නිෂ්පාදන ආයතනය (රෑන්ක් ඉන්ටනැෂනල්) ආයතනයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“ලංකා විදුලිබල මණ්ඩලය රු 28.00 - 30.00 ඩීසල්වලින් එක් විදුලි ඒකකයක් නිපදවලා, ඒ විදුලි ඒකකය පාරිභෝගිකයාට රු.16.00 ක් වැනි මුදලකට ලබාදීමෙන් ඇති වන ගැටලුව විසදා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයකට අවතීර්ණ වෙන්න තමයි අපි මේ උත්සාහය දරන්නේ.
විදුලිබල මණ්ඩලය ආරක්ෂා වන ආකාරයේ නිවැරදි මාර්ගයකට අවතීර්ණ වනවිට, ඒකටත් වැරදි අර්ථකතන සපයන පිරිසක් සිටිනවා.නමුත් අපි හැකි සෑම උත්සාහයක්ම දරලා මෙම කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. ” යැයි ඒ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘පුනර්ජනනීය බලශක්තිය සියයට 500කින් වැඩිකරනවා’