‘පුනර්ජනනීය බලශක්තිය සියයට 500කින් වැඩිකරනවා’
මේ වන විට මෙගාවොට් 450 – 500 ක පමණ ඇති පුනර්ජනනීය බලශක්ති දායකත්වය තවත් වසර 2කින් මෙගාවොට් 2000ක් දක්වා වැඩිකරන බවද, පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 500% කින් වැඩි කිරීමට කටයුතු කරන බවද විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පැවැසීය.