ලෝකයේ බලවත් රටවල එකමුතුව හෙවත් 'ජී7' රාජ්‍ය නායක හමුව හෙට (15) ප්‍රංශයේ දි ආරම්භ වෙයි. සමුළුව අනිද්දා (17) තෙක් ප්‍රංශය ස්විට්සර්ලන්ත දේශසීමාවේ ප්‍රංශයට අයත් ජිනීවා විල ආසන්නයේ පිහිටි නිවාඩජු නිකේතනයකදී පැවැත්වෙයි.
'ජී7' රාජ්‍ය නායක හමුව, යෙදී තිබුණේ ජූනි 14 වැනිදා සිට 16 වැනිදා දක්වාය. සමුළුවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වෙයි. ට්‍රම්ප්ගේ උපන් දිනය අද (ජූනි 14 ට) යෙදී ඇති බැවින්, සමුළුව හෙට දිනයේ ආරම්භ වන බව පැවැසෙයි.
ජී7 රාජ්‍ය නායකයන් ලෙස ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝජියා මෙලෝනී, ජපාන අගමැතිනී සානේ ටකයිචී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහභාගී වෙති. ඊට අමතරව යුරෝපා සංගමය වෙනුවෙන් සංගමයේ සභාපති ඇන්ටෝතියෝ කොස්තා සහ යුරෝපා කොමිසමේ ප්‍රධානී ද සමුළුවට එක් වනු ඇත.
ගෝලීය ආර්ථික අර්බුස ගැනත්, එල් නීනෝ වැනි පාරිසරික අර්බුද ගැනත්, ඉරාන ඇමෙරිකා යුද්ධය සහ යුක්රේන රුසියා යුද්ධය ගැනත් රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd