IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හැඩට ඉන්න නම් කෙටි කෑම මග හරින්න

කාර්යබහුල ජීවන රටාවකට හුරු වූ බොහොමයක් දෙනාගේ දෛනික කාල සටහන පිරී ඇත්තේ කෙටි මාර්ගවලිනි. ආහාර ගැනීමේදී පවා පෝෂණීය ආහාර වෙනුවට එවෙලෙහි කුසගින්න නිවීමට කුමක් හෝ කෙටි කෑමක් ගැනීම අද වනවිට ඉතා ජනප්‍රිය අංගයක්වී ඇත.

මොවුන් සිරුර වුවමනාවෙන්ම රෝගී කර ගන්නා අතරම ඉතා ඕනෑකමින්ම සිරුරේ හැඩ ගතියද විනාශ කර ගනිති. මෙම වැරැදි සෞඛ්‍ය පුරුද්ද අත්හළ හොත් සිරුරට එමගින් ලැබෙන වාසි මොනවාද?

පියකරුභාවය වැඩි දියුණු වේ.

1)  තරුණ පෙනුම බොහෝ කාලයක් පුරාවට රැක ගත හැකි වනු ඇත.

රෝගාබාධ බොහොමයකින්ම මිදිය හැකියි.

2)  අධික ස්ථුලතාව මඟ හරවා ගත හැකියි.

3)  ඇඳුම් පැළැඳුම්වලට සිරුරේ හැඩ ගතිය ඉස්මතු වී පැවතීම.

4)  පරමායුෂ, නිරෝගී බාවය දිගුකල් විඳීමට හැකි වීම

5)  වැයවෙන අමතර ශක්තීන්, මානසික ශක්තීන් අල්ප වීම

ඔබ ආහාරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු පංචවිධ කාරණා

රසය

වර්ණය

ජවය

ගුණය

ප්‍රඥාව

ඉහත ගුණාංග සැපිරීමට අපොහොසත් වන ආහාරවල අහිතකර මේදය අන්තර්ගත වීම නිසා සිරුර ඉතා කෙටි කලකින්ම රෝගී වනු ඇත. එනිසා තව කෙනකුට අපිව ලස්සනට , ප්‍රසන්නවදෙනීමට අපි මුලින්ම අපිට ආදරය කළ යුතුයි. නිරෝගීව විසීමට ශරීර සෞඛ්‍යය ගැන සිතා කටයුතු කළ යුතු වේ. අහිතකර පුරුදු වෙනුවට නිවැරැදි ජීවන රටාවකට අනුගත වීම තුළ අපට බොහොමයක් දෑ භුක්ති විඳීමට ඉතිරි වනු ඇති.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

හැඩට ඉන්න නම් කෙටි කෑම මග හරින්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site