හැඩැති සිහින් සිරුරකට අකැමැති කවුද? එවන් සිරුරක් කාන්තා ලාලිත්‍යය වඩාත් ඔප්නංවන්නකි. නිරෝගීභාවයේ කැඩපතකි. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ අපේ ආහාර සහ ජීවන රටාවයි. එක් අතකට සිහින් හැඩ සිරුරක් පවත්වා ගෙන යාම ඉලක්කයක් කරා යන ගමනකි. එසේනම් ඉලක්කය සපුරා ගන්නේ කෙසේද කියා අද බලමු.
01) ඔබගේ බර මැන ගන්න
මෙය ඉතාම වැදගත් සාධකයකි. නියමිත බරෙහි ඔබ නැත්නම් බර ඉක්මවා ඇත්නම් ඔබ ගන්නා ආහාර රටාවත්, දෛනිකව ගන්නා ජල ප්‍රමාණයත් ප්‍රමාණවත්දැයි බලන්න. සාමාන්‍ය පුද්ගලයකුගේ දිනක ජල අවශ්‍යතාව ලීටර් දෙක හමාරත් තුනත් අතර තිබිය යුතුය. ඔබ නියමිත බර පවත්වා ගැනීම මෙතැන් සිට අරඹන්න.
02) පැණි රස භාවිතය හැකිතාක් සීමා කරන්න.
පැණි රසැති බීම, කෙටි කෑම වර්ග, අධික සීනි භාවිතයෙන් ඉවත් වන්න. දෛනික සීනි අවශ්‍යතාව තේ හැඳි 06කි. එය ඉක්මවා නොයන්න.
03) ව්‍යායාම අනිවාර්යයි.
සෑම දිනකම විනාඩි 30ක්වත් නොකඩවා ව්‍යායාමයක යෙදෙන්න. කඩින් කඩ ව්‍යායාම කිරීම සිදු නොකරන්න.
04) ක්‍රියාශීලී විය යුතුයි.
දිනක ඇරැඹුමේ සිට නිමාව දක්වාම උදාසීන ගති වෙනුවට ප්‍රබෝධයෙන් ක්‍රියාශීලී වීම අත්‍යවශ්‍යවේ.
05) වාඩි වී සිටින කාලය අඩු කළ හැකි නම් ඉලක්කයට යාමට වඩාත් පහසුයි.
එකතැන දිගු වේලාවක් එකම ඉරියව්වකින් රැඳී සිටිනවාට වඩා ඇවිදීම ,දිවීම වැනි ක්‍රියාකාරකම්වලත් නියැළීමට වගබලා ගන්න.
06) හොඳ නින්දකුත් ලබා ගන්න.
නියමිත පැය ගණන සපුරමින් ලබන සුව නින්ද සේම සංසුන් මනසකින් යුතුව නින්දකට යා යුතුයි.
07) ලුණු භාවිතයත් සීමා කිරීමට අමතක නොකරන්න.
අධික ලුණු භාවිතය හිතාමතාම සීමා කරන්න. ලුණු තේ හැඳි 01ක් යනු දෛනික ලුණු අවශ්‍යතාවයි.
08) තමා ගන්නා ආහාර ප්‍රමාණය විශේෂිත කරුණකි.
බඩ ඉක්මවා යන පරිදි ආහාර ගැනීම අපි කරන විශාල වරදකි. දුටු දුටු දේ තම කෑම පිඟානේ තබා ගෙන පරිභෝජනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය දේ අවශ්‍ය පරිදි ආහාරයට එකතු කර ගන්න.
නිවැරැදි ආහාර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීම තුළ ඉතා කෙටි කලකින්ම ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට පහසු වේ.
-සටහන- මාධවී ධර්මරත්න
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිහින් හැඩැති සිරුරකට සෞඛ්‍ය පුරුදු 08ක්