IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරුර නිරෝගීව තබන ‘යෝගා‘

යෝගා කලෙකදී මෙරට ඉතා ජනප්‍රිය මාතෘකාවකි. සැබැවින්ම  යෝගා යනු සුවිශේෂී ව්‍යායාම් වර්ගයකි. මුළු සිරුරම ආවරණය වන පරිදි මාංශ පේශී සියල්ලටම යෝග ව්‍යායාමය ලබා දිය හැකියි.ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමටත්, නිරෝගීව ජීවත් වීම උදෙසාත් නිවැරැදි යෝග ව්‍යායාම්හි නිරත වීම වැදගත් වේ. යෝග කිරීමෙන් සිරුරට පහත සඳහන් වාසි සැලසේ.

1)  ශරීරයේ නම්‍යතාව රැක ගැනීමට ඉවහල් වේ.

2)  මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට ඒවායෙහි ශක්තිමත් භාවය ඇති කිරීම උදෙසා වැදගත් වේ.

3)  සෑම මස්පිඩුවකටම යෝග ව්‍යායාමය ලැබෙන නිසා ශරීර සමබරතාව සේම ශරීරයේ බර මනාව පවත්වා ගෙන යාමට පහසු වේ.

4)  හෘද පේශීන් චලනය වීම තුළ මනා රුධිර සංසරණයක් ඇති වේ.

5)  සිරුර ඉහිල් කරයි.

හුස්ම ගැනීමේ රටාව දියුණු කරමින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය දියුණු කරයි.

6)  මානසික සහ ආධ්‍යාත්මික සංවර්ධනයට මඟ විවර වේ.

මානසික ආතතියට තුඩු දෙන කලකිරීම්, කනගාටුව, කෝපය, බිය, ආශාව යන හැඟීම් පාලනය කර ගැනීමට උදවු දේ. ආත්ම විශ්වාසය ඉහළ නැංවීම තුළ ආතතිකාරී හැඟීම් දුරුවී යයි.

7)  රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත. ඒ වගේම හදිසි අනතුරුවලට ලක් නොවී ආරක්ෂා වීමේ හැකියාවද ඇති වේ.

ප්‍රබෝධවත්ව දවස ඇරැඹීමට ඔබගේ දෛනික කාලසටහනෙන් කුඩා හෝ ඉඩක් යෝග සඳහා වෙන් කර ගැනීම වැදගත් වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

සිරුර නිරෝගීව තබන ‘යෝගා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site