IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විවිධත්වයෙන් යුතු ගුණාත්මක ආහාර වේලකට හුරු වෙමු

එකම ආහාර රටාව එපා වෙලාද? ආහාර සංස්කෘතිය වෙනස් කිරීමෙන් විවිධ ආහාරවල අවශ්‍යතාව මතු වීමට පටන් ගැනේ. එවිට විවිධත්වයක් ඇති වන පරිදි ගුණාත්මක ආහාර ගැනීමට හැකියාව ලැබේ.

ශරීරයට ලැබිය යුතු පෝෂ්‍ය පදාර්ථ විවිධයි. සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම සැපිරෙන පරිදි විවිධ ආහාර වර්ගවලට පුරුදු වීමෙන් අපට නිරෝගිතාව දිගටම පවත්වා ගත හැකිවේ.

විවිධ ආහාර ගැනීමේ වාසි

1)  රෝගවලට ඇති අවදානම ඉතා අඩුයි

2)  එකම රසයක් හුරුවූ දිවට විවිධ රස දැනීම් හුරු කළ හැකිවේ.

3)  ආහාර රුචිය ඇති කරයි.

4)  රස උත්පාදනය අනුව සිරුරේ අංගෝපාංගවල නිරෝගීතාව පවත්වා ගැනීමට, රැක ගැනීමට හැකි වේ.

විවිධ ආහාර මොනවාද?

අපි දිනපතාම එකම එළවළුව, පලතුරු සහ පළා වර්ග ඇතුළත් කර ගැනීමෙන් කෑම රුචිය අඩුවේ. එපමණක් නොව සමහර අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථ වුව මඟහැරී යා හැකියි. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමට පවා පුළුවනි. එබැවින් දිනකට අලුත් එළවළු වර්ග 05ක්, නැවුම් පලතුරු වර්ග 04ක්වත් දිනපතාම අලුත් පළා වර්ගයක් එකතු කර ගත හැකියි. මේ සියල්ලම අධික මිල මුදල් ගෙවා ලබා ගැනීම අනවශ්‍ය අතර ඔබට පහසුවෙන්ම ගෙවත්තෙන් සපයා ගත හැකි වේ. ඒ අනුව විටමින් වර්ග , ෆෝලික් ඇසිඩ් වැනි මඟ හැරෙන පෝෂණ සංඝටක පවා සපුරා ගත හැකියි.

අපේ සාම්ප්‍රදායික ආහාර රටාවේදී පළා වර්ග ගෙන බැලුවොත් මුගුණුවැන්න, කංකුන් නිතිපතා ආහාරයට එකතු වේ. ඒ වෙනුවට කෙනකුට පළා වර්ග අතර වුණත් විවිධත්වයක් ඇති වන පරිදි නිවිති, කුරිංඥං කොළ, සාරණ, මඤ්ඤොක්කා කොළ එකතු කර ගත හැකියි.

අපි ගන්නා ආහාර වේලක් කොටස් 04කට බෙදුවොත් එක් කොටසකට බත් ඊළඟ කොටස් දෙකට පළා වර්ග සහ එළවළුත් ඉතුරු කොටසට මස් හෝ මාළු එකතු කර ගත හැකියි. මස් මාංශ අනුභව නොකරන කෙනකු නම් ඒ වෙනුවට ධාන්‍ය වර්ග ආදේශ කළ හැකියි.

කෑම පිඟාන අලුත් කර ගැනීමෙන්

පියකරු භාවය ඇති වේ. සම නිරෝගී කරයි. පැහැපත් කරයි. හිස කෙස් වර්ධනය කර ගැටලු අවම කරයි. දත් , නිය ශක්තිමත් වේ. නිරෝගිකමේ ප්‍රතිලාභ මෙයාකාරයෙන් වඩ වඩාත් භුක්ති විඳීමට හැකි වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

විවිධත්වයෙන් යුතු ගුණාත්මක ආහාර වේලකට හුරු වෙමු

ධනංජය ලක්ෂණ් Monday, 29 September 2025 06:22 AM

මම විවිධත්වයේ න් ආහාර ලබා ගැනීම හොඳ එක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site