
කොවිඩ් -19 නව ප්‍රභේද සමඟ වෙනස් වූ වයිරසයේ ක්‍රියාකාරීත්වය, එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය මෙන්ම කොවිඩ් පිළිබඳව අලුත්ම විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශය යාවත්කාලීන කොට තිබේ.
මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වුවත්, කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් නිවාසගත නිරෝධායනයට ලක්විය යුතු නැත. ඔවුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු නව සාමාන්‍ය ජීවන රටාව අනුව කරගෙන යා හැකි අතර යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් පමණක් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂාවක් සිදු කර ගැනීම ප්‍රමාණවත් වේ.
මෙසේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූවා යැයි සැලකෙන්නේ පහත සඳහන් කණ්ඩායම් පමණයි.
ඔබ වයස අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවද ගෙන සති දෙකක් ගත වී තිබිය යුතුයි . දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබීම අනිවාර්ය සාධකයකි.
දෙවැනි මාත්‍රාෙවන් පසුව බූස්ටර් එන්නත ලබාගැනීමට මාස තුනක් ගත විය යුතුයි. දෙවෙනි මාත්‍රාව ලබාගැනීමෙන් පසුව යම් කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත්, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා, දෙවන මාත්‍රාවේ සිට මාස තුනක් සම්පූර්ණවීම සහ ආසාදිතයෙකු වී මසක් ගත වී තිබීම යන කරුණු දෙකම සම්පූර්ණ වීම අවශ්‍යයි.
වයස අවුරුදු 16-19 අතර දරුවන් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇතැයි සැලකෙන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගත වූ පසුවයි.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වූ පසු පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් ෙලස සැලකේ.
මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා දින 7 ක කාලයක් නිවාසගත නිරෝධායනයට ලක්වීම අනිවාර්‍යවන අතර රෝග ලක්ෂණ ඇති වූවොත් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති.
කොවිඩ් එන්නතේ පූර්ණ ආරක්ෂාව ලබාගෙන ඔබත් ඔබේ ආදරණීයයනුත් දරුණු වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සෞඛ්‍ය අංශවල පැතුමයි.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 30
100
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඔබට නව මාර්ගෝපදේශ