IMG-LOGO

වසංගත කාලෙට වැඩිහිටියන්ගේ පෝෂණය ගැනත් සොයා බලන්න

⁣කොළඹ විශ්වවිද්‍යාලයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන

වසංගත කාලයකදී වැඩි අවදානමක් ඇති තවත් කණ්ඩායමක් ලෙස නිවෙස්ගතව සිටින වැඩිහිටි පුද්ගලයන් හඳුන්වා දිය හැකිය. මෙවැනි අවදානම් දුෂ්කර පරිච්ඡේදයකදී ලෙඩ රෝග ආසාදනය වීමෙන් වැලකී සිටීමට ඔවුන්ටත් ප්‍රතිශක්තිකරණය අත්‍යවශ්‍යම සාධකයකි. ඒ සඳහා මොවුන්හට නිසි පෝෂණයක්  අවැසිය. අදහස සරලව කිවහොත් වැඩිහිටියන්ගේ මනා පෝෂණය නිසි ප්‍රතිශක්තිකරණ වර්ධනයට සෘජුවේ බලපානු ලැබේ. 

දරුවන් මෙන් නොව නිවසේ සිටින වැඩිහිටියන්ව අපි අතින් අතපසු විය හැකිම කාණ්ඩයකි. ලෙඩ රෝග, බේත් හේත්වලටත් වඩා ඔවුන්ගේ ආහාර වේල පෝෂ්‍යදායීද නැද්ද යන්න අප වෙතින් අවධානය ගිලිහී යා හැකියි. එසේම වයස්ගත වූවන්ට මෙම අවදීන් පසු කරන   විට ආහාරවල අවශ්‍යතාවද අඩු වී යාහැකියි. මේ වනවිට බහුතරයකගේම ආහාර පුරුදු පවා වෙනස් වී තිබිය හැකියි. 

ලංකාවේ වැඩිහිටි පුපුද්ගලයෝ  බහුතරයක්ම මස් වර්ග සේම අලුත් කෑම වර්ග පසුපස පන්නාගෙන ⁣⁣නොයති. ඒ වෙනුවට හරි සරල ආහාර රටාවකින් ඔවුන් පිරිමැසේ. ඒත් තරුණ පුද්ගලයකුට වඩා වැඩිහිටි පුද්ගලයකුට අවදානම වැඩි හෙයින් නිසි පෝෂණය ලද යුතුමය. මන්ද මේ අවදීන් වනවිට තමන් ගනු ලබන  ආහාර ශරීරයට උරා ගැනීමේ හැකියාව පවා අඩු මට්ටමක පැවතිය හැකිය. විශේෂයෙන් විටමින් වර්ග ගතහොත් විටමින් B-12, ඇතුළු සමහර විටමින වර්ග සඳහන් කළ හැකිය. 

එබැවින් වසංගත තත්ත්වයකට වයෝවෘද්ධ පුද්ගලන් ඔරොත්තු දීම සඳහා පෝෂණයෙන් සපිරි ප්‍රධාන ආහාර වේල් ගත යුතුයි.

ඒ ගන්නා ප්‍රධාන ආහාර වේල්වලට පිෂ්ඨය, එළවළු, පලතුරු, ප්‍රෝටීන ඇතුළත් ආහාර වර්ග එකතු විය යුතුය. මෙහිදී ප්‍රෝටීන යනුවෙන් අදහස් කළේ මස්, මාළු, බිත්තර යනාදියයි. ඒවා ආහාරයට නොගන්නා කෙනකු වේනම් ඒ වෙනුවට රනිල භෝග එකතු කර ගත හැකියි. රනිල භෝග යනු කඩල, පරිප්පු, මුං ඇට ආදියයි.

එවගේම ආහාර වේල් අතරමැද පලතුරු සහ කිරි ආහාර ගත යුතුයි. වැඩිහිටි පුද්ගලයන් අතර සාමාන්‍යයෙන් ආහාර ගැනීමේදී දැකිය හැකි පොදු ගැටලුවක් වන්නේ ආහර සැපීමේ නොහැකියාවයි. එවැනි විටෙකදී සැපීමට අපහසු ඝන ආහාර වෙනුවට පහසුවෙන් සැපිය හැකි ආහාර  ගැනීම වරදක් නොවේ. තවද කෙනෙකුට සිතෙනවානම් තම වයස්ගත මවුපියන් දිනෙන් දින කෙසඟ තත්ත්වයට (කෙට්ටුවට) පත් වෙනවා නැත්නම් මන්දපෝෂණය පැත්තට හැරෙන බව දැනේ නම් ඔවුන්ගේ ආහාර වේලට යම් තරමකට තෙල් එකතු කළ හැකියි. 

ඊට අමතරව වැඩිහිටි පුද්ගලයකු සඳහා කෙටිකාලීනව විටමින් වර්ගයක් ලබා දීමේ වාසිද ඇත. විටමින් Dඌනතාවක්, හිරු එළියට විවෘත වීම අඩු වීම, කැල්සියම් වැනි ඛනිජ ලවණවල අවශ්‍යතාව මඟ හැරී යා හැකියි. 

ඉතින්, ඔබ ඔවුන්ගේ පෝෂණය ගැන වගකීමෙන් සිතනවානම් පහත කරුණු සැපිරිය යුතුවේ. 

*අමතක නොකරම ඔවුන් ආහාර ලබා ගන්නවාද කියා සොයන්න.

*ඒ ආහාරවල නිසි පෝෂණ සංඝටක ඇත්දැයි විමසිලිමත් වන්න.

*කෙටි ආහාර වේල් සඳහා පලතුරු ,කිරි ගැනීමත් වැදගත් බැවින් ඒවා ලබා දීමට උනන්දු වන්න.

*සමහර විටෙක ඔවුන්ට විටමින් අතිරේකයක් ලබා ගැනීමද අවශ්‍ය විය හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වසංගත කාලෙට වැඩිහිටියන්ගේ පෝෂණය ගැනත් සොයා බලන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site