IMG-LOGO

ලුණු වැඩිපුර කෑවොත් වෙන දේ මෙන්න

ආහාර රසවත් කර ගැනීම උදෙසා ලුණු අත්‍යවශ්‍යම අංගයකි. එක් දිනකට මිනිස් සිරුරට අවැසි නියමිත ලුණු ප්‍රතිශතයක් පවතී. අද නියමිත ලුණු ප්‍රතිශතය ඉක්මවා ලුණු පරිභෝජනය තුළින් ලෙඩ රෝගාදියට පවා ගොදුරු වීම සුලබ වී ඇත.

ඒ වගේම බොහෝ දෙනා සකස් කළ ආහාර වෙළෙඳපොළෙන් මිලදී ගනිති. එනම් Processed food නමින් හඳුන්වන මේවායෙහි ලුණු අධිකව අඩංගු වේ. ඒ වගේම සෝස් වර්ගත් භාවිත කරනු දක්නට හැකියි.

දවසකට අපේ ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රතිශතය වන්නේ ග්‍රෑම් 05ක් පමණි. එනම් කපාපු තේ හැඳි එකකි. ඒත් දිනකට සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු ලුණු තේ හැඳි එකහමාරක් දෙකහමාරත් අතර ප්‍රමාණයක් ආහාරයට ගනී. ග්‍රෑම්වලින් නම් එය ග්‍රෑම් නවයත් දොළහත් අතර නියමිත ප්‍රතිශතය ඉක්මවා යාමකි.

මෙයාකාරයට ලුණු අධික ආහාර ගැනීම ශරීරයට හොඳද? අධික රුධිර පීඩනය ගැන ඔබ අසා ඇති. සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි අවුරුදු 18ත් 65ත් අතර වයස් කාණ්ඩයෙන් සියයට 26ක්ම අධික රුධිර පීඩනයෙන් පෙළෙති. එනම් සෑම පුද්ගලයන් හතර දෙනකුගෙන්ම එක් අයකු අනිවාර්යෙන්ම ප්‍රෙෂර් රෝගියෙකි.

බෝ නොවන රෝග යටතේ ඇති අධික රුධිර පීඩනය , හෘදය ආශ්‍රිත රෝග, අංශභාගය, දියවැඩියාව, පිළිකා, නිදන්ගත ස්වසන රෝග නිසා අපේ රටේ කොපමණ පිරිසක් මිය යනවාද කියා ඔබ දන්නවාද?එය වාර්ෂිකව සියයට අසූ තුනක ප්‍රතිශතයකි. විශේෂයෙන්ම හෘදයාබාධ, අංශභාගය, වැනි රෝග තත්ත්ව ආදියට අධික රුධිර පීඩනය මූලික වේ. මේ අනුව අධික රුධිර පීඩනය ඇති වීමට මූලිකම හේතුව වනුයේ අප ගන්නා ආහාරයේ අධික වශයෙන් ලුණු අඩංගු වීමයි. එබැවින් දිනකට ශරීර ගතවන ලුණු සාන්ද්‍රණයේ අඩු වැඩි වීම මත අධික රුධිර පීඩනයේ අවදානම තීරණය වේ.

එසේම ප්‍රෙෂර් වැඩි පුද්ගලයකුගේ රුධිර පීඩනය වැඩිවීම නිසා ඇති විය හැකි අංශභාගය වැනි සංකූලතා අඩු කරන්නත් ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම උදව්වේ. කට පරෙස්සම් කරගෙන රෝගී නොවී සිටිනවාද ,නොඑසේනම් වෙළෙඳපොළේ දක්නට, අසන්නට ලැබෙන කෘත්‍රිම ආහාර වැඩි මුදලක් ගෙවා පහසුවෙන් ලබා ගෙන ශරීරය නිරායාසයෙන්ම රෝගී කර ගන්නවාද කියන කාරණාව ඔබට භාරයි.

විශේෂයෙන් පුද්ගලයකු කුඩා අවදියේ සිට " Processed Food”, ”Junk Food”, “ Fast Food යන නම්වලින් හඳුන්වන ලුණු, තෙල් වැඩි ආහාර පුරුදු නොකළ යුතුයි. එසේ නොවුණහොත් අවුරුදු 20ටත් කලින් අපේ දරුවන් ප්‍රෙෂර් රෝගියකු, හෘද ලෙඩෙක්, දියවැඩියා රෝගියකු වීම වැලැක්විය නොහැකියි. ඒ අවදානම තවත් තීව්‍ර කෙරෙනු ඇත. එනිසා ලුණු අවම භාවිතයකට හුරු වීම ඉතා සුදුසු අතර නිවසේ පිසින ලද ආහාරවලට ලුණු අඩු ප්‍රමාණයක් යොදන්නේ කොහොමද යන්න විමසුම වටී.

පුද්ගලයන් 05 දෙනකුගෙන් සැදුම්ලත් කුටුම්භයක නම් එක් අයකුට ලුණු කපාපු තේ හැඳි එක බැගින් තේ හැඳි 05ක් දිනකට අවශ්‍ය වේ. ගෘහණියක් ලෙස ඔබ ඒ තේ හැඳි 05 වෙනම කුඩා බඳුනකට එකතු කර ගන්න. දවසේ ආහාර පිළියෙළ කරන විට ලුණු එකතු කර ගත යුත්තේ ඒ ලුණු තේ හැඳි 05 අඩංගු බඳුනෙනි. වේල් 03ක් ඔබ ආහාර පිසිනවානම් ඒ ඒ ආහාර වේල අනුව එය තුනට බෙදා ගන්න. ඒ අනුව වෑංජනවලට ලුණු එකතු කර ගත හැකියි. මුලදි තරමක් අපහසු වුවද ක්‍රමයෙන් පවුලේ සියලුම දෙනා ඊට හුරු වේවි.

ප්‍රෙෂර් වැළඳුණු පසු වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වන ඔබ ලුණු අඩු කිරීමට පෙළඹෙනවා නේද? ඒත් අප උත්සාහ ගත යුත්තේ සිරුර රෝගී වීමටත් ප්‍රථම වැරැදි පුරුදු මඟ හරවා ගැනීමටයි. අවශ්‍ය ප්‍රමාණයට නිසි පමණට ලුණු භාවිතයට හුරු වීම තුළ ඔබ නිරෝගී පුද්ගලයකු වන බව මතක තබා ගන්න. එසේම බත් පිසීමේදී ලුණු එකතු කිරීමේ වැරදි පුරුද්දෙනුත් මිදීමට මේ සුදුසුම කාලයයි.

තමන් කැමැති ආකාරයට ඔනෑම දෙයක් ආහාරයට ගැනීම මිනිසකුගෙ අයිතිවාසිකම වුවත් කිසිදු ඉවක් බවක් නැතිව කෘත්‍රිම ආහාර සංස්කෘතියකට හුරු වීම නිසා අපේ නිරෝගී දිවි පැවැත්ම ගැන අමුතුවෙන් සිතීමට සිදුව ඇත. ලුණු ශරීරයට අවශ්‍ය සංඝටකයක් වුවද පමණ ඉක්මවා ගැනීමේ අහිතකර ප්‍රතිඵලය වන්නේ ඔබ ඉතා ඉක්මනින් ප්‍රෙෂර්, හෘදයබාධ රෝගියෙක් හෝ වකුගඩු රෝගියකු වීමට ඇති අවදානමට ළං කිරීමකි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ලුණු වැඩිපුර කෑවොත් වෙන දේ මෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site