IMG-LOGO

දිගටම ‘මාස්ක්“ දැම්මොත් ලෙඩ ගොඩකිනුත් නිදහස්

කොරෝනා වසංගතය අවසන් වුවද මුව ආවරණයක් පැළැදීම මගින් ලෙඩරෝග බොහෝමයකින් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. කොරෝනා වයිරසය ගින්නක් මෙන් ලොවපුරා පැතිරයමින් පාඩම් රැසක් අපට කියා දුන් අතර මුව ආවරණයක් පැළැදීමද පාඩමක් ලෙස ගෙන දිගින් දිගටම පැළැදීමට පුරැදු වුවහොත් බෙහෙත් පෙතිවලින් අවම ජීවන රටාවකට හිමිකම් කියනු ඇත.

මුව ආවරණයක් පැළැද සිටියදී අප ආශ්වාස කිරීමේදී වාතයේ ඇති විසබීජ පෙරීමකට ලක්වී පිරිසුදු වාතය ආඝ්‍රානය වේ. මුව ආවරණය මගින් ඉතා කුඩා මයික්‍රෝ අංශු පවා පෙරීමකට ලක්වේ. මෙහිදී වැදගත් කරැණක් වනුයේ වයිරස පමණක් නොව වායුගෝලයේ ඇති දූවිලි අංශු, මල්වල පරාග වැනි ඇසට නොපෙනෙන කුඩා අංශුවලින් ආරක්ෂාවද සැලසේ. 

වායුගෝලයේ ඇති ඇසට නොපෙනෙ කුඩා අංශුවලට අසාත්මිකතා දක්වන රෝගීහු සිටිති. එවැනි අසාත්මිකතා දක්වන පුද්ගලයන් තුළ නාසයෙන් හොටු දියර ගැලීම, නිතර කිවිසුම් යාම, හුස්මගැනීමේ අපහසුතාව, නාසය අවහිරවීම වැනි තත්ත්ව ඇතිවේ. 

නාසයේ ඇති ආස්ථරණ පටකවල ඇතිවන ප්‍රදාහකත්වය හේතුවෙන් නාසය අවහිරවීම හෙවත් ‘රයිනයිටීස්“ තත්ත්වය ඇතිවේ. කොරෝනා උවදුර හේතුවෙන් මුව ආවරණ පැළැදීමට අප පුරැදුවීම මගින් නාසය නිරාවරණයවීම තුළින් ඇතිවන අසාත්මිකතා බොහෝමයක් අවමවී තිබේ.

එමෙන්ම ඇදුම රෝගී තත්ත්වය ද අසාත්මිකතා නිසා ඇතිවන තත්ත්වයක් වන අතර එය පෙනහඵවල ස්වාසනාළිකා සිහින්වීමට ලක්වීම හේතුවෙන් ඇතිවන තත්ත්වයකි. මුව ආවරණ පැළැදීමට හුරැවීම නිසා මේවනවිට අලුතින් හදුනාගන්නා ඇදුම රෝගීන්ගේ සංඛ්‍යාවද පහළ මට්ටමක පවතී. 

කොරෝනා වසංගතය හේතුවෙන් අපි පසුගිය කාලය පුරාවට නිවෙස්වලට වී සිටියෙමු. එහෙත් නැවත පාරේ තොටේ ගමන් කිරීමේදී වාහන දුම, දූවිලි, කර්මාන්ත ශාලාවල දුම්, ඉදිකිරීම් සහිත බිම්වල සහ විවිධ රසායනික ද්‍රව්‍ය වාතය සමග මුසුවී අප හුස්ම ගන්නා වාතය සමග ශරීරයට ඇතුලුවීම සිදුවේ. එබැවින් අලුතින් අපේ එදිනෙදා ජීවිතයට එක්වූ මුව අාවරණය අවස්ථානුකූලව දිගින් දිගටම භාවිත කිරීම ඉතා වැදගත් වේ. 

ඇත්තෙන්ම ස්වසන රෝග ඇති රෝගීන්ද මේවනවිට හොද අවබෝධයකින් යුතුව කටයුතු කරන අතර මුව ආවරණය පැළැදීම මගින් ඔවුන්ගේ රෝග ලක්ෂණ අවමවීම නිසා මුව ආවරණය පැළැදීමට පෙළැඹී තිබේ.

මුව ආවරණ අතර සෝදා නැවත භාවිත කළ නොහැකි මුව අාවරණ තිබේ. මෙහිදී තමා භාවිත කරන මුව අවාරණයේ ඇති ගුණාත්මකභාවය පිළිබදව සැලකිළිමත් වියයුතුය. මුව ආවරණය කිළිටි වුවහොත් නැතිනම් යම් පුද්ගලයකු සෘජුව අප දෙසට කිවිසුමක් හෝ කැස්ස විට අපගේ මුව ආවරණය මාරැ කිරීම වඩාත් වැදගත්වේ. 

වර්තමානය වන විට ඉතා පහසු මිලගණන් යටතේ දැරිය හැකි මිලකට මුව ආවරණ මිලදී ගැනීමට ජනතාවට හැකිවී තිබේ. එබැවින් මිලදී මුව ආවරණය නැවත නැවත සෝදා පැළැදීමට වඩා අලුත් මුව ආවරණයක් පැළැදීම වඩාත් උචිත වේ.

-සටහන- ගයාන් සූරියආරච්චි



අදහස් (0)

දිගටම ‘මාස්ක්“ දැම්මොත් ලෙඩ ගොඩකිනුත් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site