IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


අධික පරිණගක භාවිතයෙක් ඇසට සිදුවන හානි

මේ වනවිට පරිගණක භාවිතය ඉතා බහුල වී තිබේ. දෛනික ක‍්‍රියාකාරකම් මෙන්ම රැකියාවල කටයුත ද ඉතා පසු කරන මෙවලමක් වන පරිගණකය වැඩ පහසු කරනවා වුවත් එය පුද්ගල කායික සහ මානසික සුවතාව අඩු කිරීමට ද ඇතැම්විට හේතුවක් වේ. විශේෂයෙන්ම පරිගණකයෙන් ඇසට හානි සිදු වේ. එහෙත් ඒ හානි සැලකිලිමත්වීමෙන් අවම කරගත හැකිය.

කෙසේ කුමන ආකාරයෙන් වුවත් එක දිගට පැය ගණනාවක් පරිගණක තිරය දෙස ඇස් යොමු කර සිටීමෙන් ඇස්වලට දැඩි විඩාවක් සහ වේදනාවක් ඇති වේ.

එක දිගටම පරිගණකය භාවිත කිරීම නිසා ඇසට සිදුවන මෙම ගැටලූකාරී තත්ත්වය හඳුන්වන්නේ පරිගණක දෘෂ්ඨී සින්ඩ්‍රෝමය:ක්‍දපචමඑැර ඩසිදබ ීහබාරදපැ* ලෙසය. මෙය එක් සුවිශේෂී ගැටලූවක් නොවුනත් එමගින් ඇස්වල වේදනාව හා විඩාවන් දක්වා වූ රෝග ලක්ෂණ පරාසයක් දක්වා ඇතිවිය හැකි ය. නවතම සමීක්‍ෂණවලට අනුව පරිගණකය භාවිත කරන පුද්ගලයින්ගෙන් 50% – 90% අතර සංඛ්‍යාවකට මෙම රෝග ලක්ෂණවලින් කිහිපයකට හෝ මුහුණදීමට සිදුවනබව සොයාගෙන ඇත.

මෙසේ පරිගණකය භාවිතය නිසා ඇස්වල ගැටලූවලට මුහුණදෙන්නේ වැඩිහිටියන් පමණක් නොවේ. පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදියට ඇබ්බැහි වූ කුඩා දරුවෝද මෙම රෝගී තත්ත්වවලට මුහුණ දෙති. ඇස්වලට සිදුවන හානියට අමතරව දිගුවේලාවක් අක‍්‍රමවත් ඉරියව්වෙන් පරිගණක, දුරකථන දෙස බලා සිටීමෙන් සන්ධි හා මාංශපේශි ආශ‍්‍රිතව ගැටලූ ඇතිවනබවද සොයාගෙන ඇත.

ඇසට හානි වෙන්නෙ කොහොමද?

පරිගණකය භාවිතයේදී එකදිගට සිදුවන ඒකාකාරී ඇසේ චලනයන් එකම දිහාවකට නැවත නැවත සිදුවීමෙන් ඇසේ මාංශපේශිවලට විඩාවක් ඇති වේ. වැඩි කාලයක් පරිගණක තිරය දෙස බලා සිටීමේදී මෙම තත්ත්වය තවත් උග‍්‍ර අතට හැරෙයි. විශේෂයෙන් පරිගණක ඉදිරිපිට වැඩ කිරීමේදී, තිරිය මත ඇති දේවල් ඇස්වලට නාභිගත කිරීම හා ප‍්‍රතිනාභි ගත කිරීමට සෑම අවස්ථාවකදී ම සිදු වේ. තිරය මත ඇති දෑ කියවීමේදී එක් පසෙක සිට අනෙක් පසට ඇස චලනය වනවා සේම ටයිප් කිරීමේදී පහතින් ඇති කඩදාසියක අඩංගු දේ කියවා නැවත ටයිප් කිරීමට තරය දෙස බැලීමේදී ඇස්වලට ඉහළ සහ පහළ බැලීමට නිරන්තරයෙන් සිදු වේ. මීට අමතරව පිරිගණක තිරයේ ඇතැම් රූප නිතර නිතර වෙනස්වන අවස්ථාවලදී ඇස් ඒ කෙරෙහි දක්වන ප‍්‍රතික‍්‍රියා මොළය මගින් හඳුනා ගැනීමේදී එසේ නිතර සිදුවන වෙනස්කම්වලට අනුගතවීමට සිදු වේ.

මේ සිදුවන සෑම වෙනස්වීමකදී ම ඇසේ චලනයට උපකාරීවන මාංශ පේශීවලට වඩා වඩාත් වෙහෙසීමට සිදු වේ. මෙහිදී වැදගත් ම දේ නම් කඩදාසියක හෝ පොතක ඇති දෙයක් කියවීමේදී මෙන් නොව පරිගණක තිරය මත ප‍්‍රතිදීපනය, දීප්තිමත්බව නිසා ඇසට සිදුවන හානිය වැඩිවීමයි. යමෙකුගේ ඇසේ යම් දෘෂ්ඨී ඌණතාවක් ඇත්නම් හෝ කණ්ණාඩි පැලඳිය යුතු අයෙක් කණ්ණාඩි පලඳින්නේ නැතිව පරිගණකය භාවිතා කරන්නේ නම් ඇසට සිදුවන හානිය තවත් වැඩිවෙයි. වයස අවුරුදු 40 පමණ වනවිට ඇසෙහි කාචයේ නම්‍යශීලීබව අඩු දැඩිබවක් ගන්නා විට යම් යම් දේවල් නිරීක්‍ෂණය අපහසු වන නිසා මෙම වයසේ පසුවන අයට පරිගණක තිරය දෙස එක දිගට බලා සිටීම අපහසු වේ. මේ නිසා කණ්ණාඩි පැලඳීමෙන් තොරව පරිගණක තිරය දෙස එක දිගට නැවත නැවත බලමින් පරිගණකය මත ටයිප් කිරීමේදී බෙල්ලේ මෙන්ම අතේ මාංශපේශී නිතර වෙහෙසට පත්වීම වැළැක්වීම සඳහා පරිගණක තිරය මට්ටමේම සවි කළ හැකි රඳවනයක්:ිඒබා* මත ටියිප් කළ යුතු ලිපි ද්‍රව්‍ය එල්ලා හෝ රඳවා තබා ගැනීම වැදගත් වේ.

පරිගණකය දෙස එක දිගට බලා සිටීමේදී ඇස්වලට විවේකයක් ලබාදීම ඉතා වැදගත් වේ. මේ සඳහා 20 - 20 – 20 නීතිය බොහෝදෙනා භාවිත කරති.

මෙමගින් සෑම මිනිත්තු 20කට වරක්ම තිරයෙන් ඈත දෙස බලා සිටීම සිදු කළ යුතු අතර අඩි 20 ක් පමණ දුරින් ඇති වස්තුවක් දෙස තත්තපර 20 ක් පමණ බා සිටීම වැදගත් වේ. මීට අමතරව එක දිගට පරිගණක තිරය දෙස බලා සිටීමේදී ඇස් වියළිම වැළැක්වීම සඳහා නිතර නිතර ඇසපිය ගැසිය යුතුය. ඉතා වියළි ඇස් සඳහා ක‍්‍රෘත‍්‍රිම කඳුළු සහිත ඇස් ද්‍රාවණයක් ඇසට දැමීම වඩාත් යෝග්‍ය වේ.

වැඩ කරන ස්ථානයේ මෙවැනි පහසුකම් නැතිනම්, ඔබේ ඇස්වලට දැනෙන විඩාබර ගතිය වැඩිනම්, පරිගණක තිරයේ දීප්තිය, ප‍්‍රතිදීප්තිය හා අකුරුවල ප‍්‍රමාණය වෙනස් කිරීම මගින් ඔබේ අපහසුතාවට විසඳුම් සොයාගත හැකිය.

කෙසේ වෙතත් මේ කිසිදු විසඳුමකින් ඔබේ ඇසේ ගැටලූව විසඳෙන්නේ නැතිනම් ඊළඟ සුදුසුම පියවර වන්නේ අක්ෂි වෛද්‍යවරයකු හමුවීම ය.

උපදෙස්- ජාතික අක්ෂි රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රොෂාන්ත හේවාමද්දුම

උදේශිකා නෙලූම්දෙනිය

 



අදහස් (0)

අධික පරිණගක භාවිතයෙක් ඇසට සිදුවන හානි

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 375 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 502 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?
2024 මාර්තු මස 06 1305 0

පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව


ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි
2024 පෙබරවාරි මස 20 711 0

මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.


මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද
2024 ජනවාරි මස 20 548 0

අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිව


උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න
2024 ජනවාරි මස 10 553 0

පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1752 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1584 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site