IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද

අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිවැරදිව මව්කිරි ලබාදීම ඉතා වැදගත් වේ.

නමුත් වර්තමානයේ බොහෝවිට කාන්තාවන් රැකියාවක නියැලෙන නිසා දරුවා ලැබීමෙන් පසුවද ඇයට රැකියාවට යාමට සිදුවන අවස්ථා තිබේ.

මුල් මාස තුනේ බොහෝවිට මව දරුවා සමඟම සිටියත්, රැකියවක නියැලෙන කාන්තාවක් නම් මාස හයක් පුරා දරුවා ලඟ සිටීමට අවස්ථාව ලැබෙන්නේ සුළු වශයෙනි.

එසේනම් මව ලඟ නොමැති වුවත් නිසි ලෙස මුල් මාස හයම බිළිඳාට මවුකිරි පමණක්ම ලබා දෙන්නේ කොහොමද? ඒ ගැන නිවැරදිව දැනගනිමු.

මව රැකියාවකට යන්නේ නම් ඇය තමන්ගේ දරුවා වෙනුවෙන් දොවා තබන කිරි ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව දරුවාට ලබාදීමට මවට සහයෝගය ලබාදීම වැදගත් වේ.

එය සිදුකරන්නේ කොහොමද?

එහිදී මුලින්ම මව්කිරි දෙවීමට හා දෙවූ මව්කිරි දරුවාට ලබාදීමට පෙර සබන් යොදා හොඳින් දෑත් පිරිසුදු කරගත යුතුය. ඉන්පසු කිරි දෙවීම සඳහාද සබන් යොදා පිරිසුදු කරගත් කට පළල් භාජනයක් භාවිතා කිරීම සුදුසු වේ. මේ සඳහා ආහාර දැමීමට සුදුසු වීදුරු, මල නොබැඳෙන වානේ හෝ ප්ලාස්ටික් භාජනයක් කිරි දෙවීම සඳහා භාවිතා කළ හැකිය.

ඉන්පසු මව්කිරි දොවාගැනීමෙන් අනතුරුව භාජනය හොඳින් ආවරණය වන එනම් තදින් වැසෙන පියනකින් වසා ගන්න. එසේ දොවාගන්නා මව්කිරි 25˚ජ හෝ කාමර උෂ්ණත්වයේ උපරිමය පැය 4ක් දක්වා කාලයක් තබාගත හැකිය. එහිදී මව්කිරි ගබඩාකරන භාජනයේ කිරි දොවාගත් දිනය සහ වේලාව සටහන් කිරීමට අමතක නොකළ යුතුය.

මව්කිරි ගබඩා කිරීමේදී විශේෂයෙන්ම මතක තබාගත යුතු කාරණයක් ඇත. එනම් දොවාගත් මව්කිරි කිසිම විටෙක ශීතකරණයේ දොරෙහි ගබඩා කිරීමෙන් වැළකීමයි. ඒ අනුව මුලින්ම දොවා ගත් මවුකිරි දරුවාට මුලින්ම ලබාදීම කළයුත-ුය.

ශීතකරණයේ තිබූ මව්කිරි නම් එය දරුවාට ලබාදීමට පෙර මද උණුසුම් දිය බඳුනක බහා තබා කාමර උෂ්ණත්වයට 25˚ජ පත්කරගත යුතුය. එමෙන්ම ශීතකරණයෙන් පිටතටගත් දොවාගත් මව්කිරි පැය දෙකක් ඇතුළත කාලයේදී දරුවාට ලබා දීම කළ යුතුය.

මෙලෙස දරුවාට කිරි ලබා දීමෙන් පසු දරුවා ඉතිරිකරන කිරි නැවතත් ශීතකරණයට නොදමා ඉවත්කළ යුතුවේ. මව රැකියාවකට ගියත් මේ ලෙස නිවැරදි පිළිවෙලට දරුවාට මව්කිරි ලබාදීම සුදුකළ හැකිය.

සටහන නයනා උදයංගනී

තොරතුරු ලබා ගැනීම - සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙනි.

 



අදහස් (0)

මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site