IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?

උපදෙස් - පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සහ කොළඹ අක්ෂි රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රොෂාන්ත හේවාමද්දුම

පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තවත් කරුණු රැසක් සම්පූර්ණ විය යුතුයි.  

විශේෂයෙන්ම රෝගියෙකු විසින් සිදු කරන සමහර ක්‍රියා ඖෂධවල තිබෙන ගුණාත්මකභාවය නැතිවෙන්න හේතුවෙනවා. එවිට සිදුවන්නේ රෝගය සුවවීම පමාවීම සහ වෙනත් සංකූලතා මතුවීමයි. යම් රෝගයකට ඖෂධ ප්‍රතිකාර ගන්නා කාලයේ ආහාරයට නොගත යුතු හෝ ඉතා අඩුවෙන් ගත යුතු ආහාර පිළිබඳව යි මේ කියන්නෙ. 

වෛද්‍යවරයාගෙන් මේ දේවල් දැනගන්න 
  

ඔබ යම් රෝගයකට මුල්වරට ඖෂධයක් ගන්නේ නම් ඒවා සමග ගන්නා අනෙක් ඖෂධ හෝ ආහාරපාන ගැන අවබෝධයක් නොමැති නම් ඒ ගැන පළමුවෙන්ම ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් අසා දැනුවත්වීම ඉතාම වැදගත්. එසේ කළ යුත්තේ සමහර ඖෂධවල ගුණාත්මක බව අඩු වැඩි කිරීමට මෙන්ම රෝගය උත්සන්න හෝ සුව කිරීමටද රෝගියා ගන්නා ආහාරපාන සෘජුවම බලපාන නිසයි.  

කිරි බොන්න හොඳද? 

කිරි සමග ඇතැම් ඖෂධ වර්ග ගැනීම සුදුසු නැහැ. එනම් කිරි සමග සමහර ප්‍රතිජීවක ඖෂධ ගත්විට ඒවායේ පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා ඇතිවෙනවා. මෙයට ප්‍රධාන හේතුව කිරිවල අධිකව අන්තර්ගත වී තිබෙන කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණවල බලපෑමයි. එමෙන්ම කිරිවල අඩංගු කේසීන් (Casein) නම් ප්‍රෝටීනය ද මේ සඳහා බලපාන බව සොයාගෙන තිබෙනවා. 

වැල්මී 

වැල්මී යනු ආහාර ජීර්ණය පහසුවීම සඳහා භාවිත කරන ඖෂධීය වටිනාකමක් සහිත ශාකයක්. වැල්මීවල අඩංගු ග්ලයිසිරයිසින් නම් සංඝටකය නිසා සමහර ඖෂධවල ගුණාත්මකභාවය අඩුවෙනවා. එසේම ගන්නා ඖෂධ අවශෝෂණයට ද බාධා පමුණුවනවා. මෙම බලපෑමට ලක්වන ඖෂධ අතර අවයව බද්ධයකදී බද්ධ කරන ලද නව අවයවය සිරුරෙන් ප්‍රතික්‍ෂේපවීම වැළැක්වීම සඳහා භාවිත කරන ‘සයික්ලොස්පෝරින්’ නම් ඖෂධය ප්‍රධාන ප්‍රධාන තැනක් ගන්නවා.

චොක්ලට් කනවද?  

චොකලට් සමග යම් යම් ඖෂධ ගැනීමෙන් ඖෂධයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවෙනවා. නිදිමත ගතිය ඇති කරවන ‘සොල්ෆිඩෙම්’ නම් ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාවක් චොක්ලට්වලට තිබෙනවා. එසේම මෙතිල්ෆෙනිඩේට්  වැනි ඖෂධවල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා.

ආතතියට ගන්නා ‘ටොනො ඇමයින් ඔක්සිඩේස්’ නම් ඖෂධ සමග චොක්ලට් ගැනීම සුදුසු නැහැ. එයින් ශරීරයේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යාමට පුළුවන්. එසේම යකඩ වැනි ඖෂධයක් චොක්ලට් කෑ විගස ගැනීමෙන් එය ශරීරයට උරා ගැනීමට බාධා ඇතිවෙනවා. 

යකඩ පෙති ගන්නවා ද? 

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු අයට :්‍යහචදඑයහරදසාසිම* භාවිත කරන ‘ලිවෝතයිරොක්සින්’ :ඛැඩදඑයහරදංසබ* නම් ඖෂධය යකඩ සමග ගැනීම සුදුසු නැහැ. එසේ ගතහොත් ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු සහ ඒ සඳහා ඖෂධ ගන්නා රෝගීන්ට බහු විටමින් :ඵ්කඑසඩසඒපසබ* ගැනීමේදී ඒවායේ යකඩ අඩංගු වී තිබේ දැයි සොයා බැලීම ද අත්‍යවශ්‍ය යි. 

මත්පැන් බී බෙහෙත් බිව්වොත්

මත්පැන් ගැනීමෙන් අනතුරුව යම් රෝගයකට ඖෂධ ගත්විට එහි ගුණාත්මකබව හා ක්‍රියාකාරිත්වය සිරුරට ලැබෙන්නේ නැත. අධි රුධිර පීඩනය හා හෘදයාබාධ සඳහා ගනු ලබන බොහෝ ඖෂධ මත්පැන් පානය කර තිබෙන අවස්ථාවක ගැනීමෙන් සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙන්. මේ හැර සමහර රෝග සඳහා ගන්නා ඖෂධ මත්පැන් පානය කළ විට ගැනීමෙන් රෝගය වැඩිවන බව ද හෙළි වී තිබෙනවා. ඇතැම් විට එය මාරාන්තික තත්ත්වයක් දක්වා වුවද වැඩිවිය හැකියි. 

කෝපි බිව්වොත් මොකද වෙන්නේ? 
රෝගී අවස්ථාවක ඖෂධ ගන්නා විට කෝපී බීමෙන් විවිධ ගැටලු  ඇතිවෙනවා. උදාහරණ ලෙස මානසික රෝගීන්ට නියම කරන ලිතියම් (Methylphenidate) වැනි ඖෂධවල ගුණාත්මකභාවය හා ඒවායේ ක්‍රියාකාරීත්වය කෝපි පානය කර ඒ සමග ගැනීමෙන් අඩුවන බව විද්‍යාත්මකව හෙළි වී තිබෙනවා. 

කෝපි පානය කර සමහර ඖෂධ ඒ සමගම ගැනීමෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩිවන අවස්ථාද තිබෙනවා. එනම් ඇස්ප්‍රින්, එපිනොප්‍රින් හා ඇල්බියුටරෝල් වැනි ඖෂධවල ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා. 

පීනසට සහ අධි රුධිර පීඩනයට එකවර බෙහෙත් බොන්න එපා 

කිවිසුම් යාම, පීනස සහ අසාත්මිකතාවලින් පෙලීම වැළැක්වීම සඳහා ඖෂධ තිබෙන අතර අද බොහෝදෙනා වෛද්‍ය උපදෙස් මත ඒවා පාවිච්චි කරනවා.

එහෙත් ඒ අතරට අධිර රුධිර පීඩනය සඳහා ඖෂධ ගන්නා අයද සිටිනවා. පීනස හෝ අසාත්මිකතාවලට ගන්නා ඖෂධ සමග අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන ඖෂධ නොගත යුතුයි. එවිට අධි රුධිර පීඩනයට භාවිත කරන ඖෂධවල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. එම පුද්ගලයාගේ හෘද ස්පන්ධන වේගයද වැඩිවිය හැකියි. 

වලිප්පුවට බෙහෙත් ගන්නවාද?

වලිප්පුවට නිසි ලෙස ඖෂධ ගැනීමෙන් රෝගය පාලනය කර නිරෝගී දිවියක් ගත කළ හැකියි. වලිප්පුව සඳහා ගන්නා ඖෂධ සමග උපත් පාලන ඖෂධ ගැනීමෙන් උපත් පාලන පෙතිවල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. එනිසා උපත් පාලන පෙති ගන්නා අතරතුර කාන්තාවක් ගැබ් ගැනීමට පුළුවනි. එසේම උපත් පාලන සමහර ඖෂධ අපස්මාරයට ගන්නා ඖෂධ සමග ගැනීමෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය ඉතාම වැඩි වී දරුණු අතුරු ආබාධ ඇතිවීමට ද ඉඩ තිබෙනවා. එනිසා උපත් පාලන ඖෂධ ගන්නා කාන්තාවක් අපස්මාරය හෙවත් වලිප්පුවට ඖෂධ ගන්නේ නම් ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි.

විටමින් k ගන්නවා නම් 
ශරීරයේ නිරෝගීබව සඳහා අද බොහෝදෙනා මල්ටි විටමින් පාවිච්චි කරනවා. මේවායේ විටමින් k  අන්තර්ගත නැහැ. හදවත් හෝ වෙනත් අවයව බද්ධයකදී රුධිරය කැටිවීමට තිබෙන අවදානම් තත්ත්වයට ගන්නා වෝෆරින් Warfarin නම් ඖෂධය නියම කරයි. මෙම ඖෂධයෙන් කපාට බද්ධ කිරීමේ සැත්කමින් පසු එම කපාට අවට රුධිර කැටි ගැසීමේ ඇති හැකියාව අවම කරයි. මෙම ඖෂධය රුධිරය කැටී ගැසීමට තුඩු දෙන සාධක තුරන් කරන නිසා හදවත් ලේ කැටි ගැසීමත් එයින් වළක්වයි. 

k මගින් රුධිරයේ තනුකබව අඩු වේ. එසේම රුධිර කැටි ඇතිවීමට තිබෙන අවදානමද වැඩි වේ. බ්‍රොකලි, පාස්ලි හා නිවිතිවල අධික ලෙස විටිමන් k අන්තර්ගත යි. මෙම එළවළු ශරීරයට ඉතා හිතකර වුවත් වෝෆරින් වැනි ඖෂධ ගන්නා රෝගීන්ට ඒවා පාරිභෝජනයටදීම එතරම් හිතකර නැහැ.

ජින්සෙන් (Gin Seng)    
අද බොහෝ රටවල ජින්සෙන් ශාඛයේ මූලය දියවැඩියාව හා අනෙකුත් පරිවෘත්තිය රෝග සඳහා භාවිතා කරති. මෙම ඖෂධ මූලය මල්ටි විටමින් සඳහා ද යොදා ගන්නවා. ජින්සෙන්වල අඩංගු ඇතැම් සංඝටක මගින් රුධිර කැටී ගැසීම වැළැක්වීම භාවිතා කරන වෝෆරින් නම් ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩු කරයි. එසේම හදවත් කපාට බද්ධ කිරීම වැනි තත්ත්වයකට මුහුණ දුන් කෙනෙකුට ඒ සමග ඇස්ප්‍රින්, හෙපරින් හා වේදනා නාශක භාවිත කිරීමට නියම කරයි. එවැන්නෙකුට රුධිරයේ තනුකබව වැඩි වී අභ්‍යන්තර රුධිරවහනයක් පවා ඇතිවිය හැකියි.

මානසික අවපීඩනය හා ආතතිය සඳහා තිබෙන ඇතැම් ඖෂධ වර්ග ජින්සෙන් සමග ගැනීමෙන් ගැටලු ඇතිවෙනවා. එනම් අධික හිසරදය, නින්ද නොයෑම, හිතේ කනස්සලුබව හා අධි ක්‍රියාකාරීත්වය වැනි ගැටලු ඇතිවිය හැකියි. 

බෙහෙත් හරියටම ගන්නවාද? 

හුඟක් රෝගීන් බෝනොවන හෝ බෝවන රෝගයකට ඖෂධ නියම කළ විට ඖෂධයෙන් වන යහපතට වඩා එයින් ඇතිවිය හැකි අතුරුඵල ගැන සිතා ඖෂධය නිසි ලෙස ගැනීමට මැලිවෙනවා.

එසේම ඖෂධය ගැනීමට නියම කරන ලද වෙලාවට හා කාලපරාසය වෙනුවට බොහෝදෙනා ඖෂධ ගන්නේ තමාට පහසු වෙලාවටයි. නැත්නම් ඒ ගැන මතක් වුණු වෙලාවටයි. මෙසේ ඖෂධ ගැනීමට නියම කරන තිබෙන කාල පරාසයේ නොගැනීමෙන්, ඒ සඳහා වැඩි කාලපරාසයක් තබා ගනීමෙන් ඖෂධයේ ඖෂධීය ගුණය නිසි ලෙස ලැබෙන්නේ නැහැ. නියම කළ මාත්‍රාව නියම කළ කාල පරාසය තුළ ගැනීමෙන් ඖෂධයේ ගුණාත්මක අගය වැඩිවෙයි. රෝගය නිසි ලෙස පාලනයවීම හෝ සුවවීම ඉක්මන්.

උදේශිකා නෙලුම්දෙනිය 



අදහස් (0)

බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 995 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 584 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2466 4

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2425 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 254 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2811 4

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site