දකුණු ඇමරිකානු රටක් වන පේරූ රාජ්‍යයෙන් ප්‍රථමවරට සොයා ගත් බවට නිල වශයෙන් දැනුම් දුන් කොවිඩ් -19 නව ප්‍රභේදය වන ලැම්ඩා මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30 කින් පමණ වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වයිරස ප්‍රභේදය, "තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබඳ දැඩි අවදානයක් යොමු වෙමින් පවතී.
කොවිඩ් - 19 ඇති කරන, විකෘති වයිරස ප්‍රභේද දෙකක් වන ඇල්ෆා සහ ඩෙල්ටා පිළිබඳඅපට අත්දැකීම් තිබුණත් තවමත් මෙම ලැම්ඩා ප්‍රභේදය අපේ රටෙන් වාර්තා වී නැත.
පසුගිය 2020 වසරෙහි අගෝස්තුවේ මුලින්ම වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබඳව කතාබහ අලුත් වූයේ පේරු දේශයෙන් වාර්තා වෙන අධික කොවිඩ් මරණ ප්‍රතිශතයට ලැම්ඩා ප්‍රභේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය අංශ සැක පළ කිරීමත් සමගයි.
එනමුත්, මෙහිදී අප අවධාරණය කළ යුතු කාරණාව වන්නේ මෙම දත්ත සහ ප්‍රතිශත පිළිබඳව අර්ථකතනය කිරීමේ දී ඒ ඒ රටෙහි රෝග හදුනා ගැනීමට ඇති පහසුකම්, රෝග හඳුනා ගැනීමට පරීක්ෂාවන් කරන ප්‍රතිශත සහ එම සෞඛ්‍ය පද්ධතියේ දරාගැනීමේ හැකියාවන් පිළිබඳ හොඳ දැනීමක් ඇතිව පමණක්, අදාළ තත්ත්ව අනෙක් රටවල් වලට සහ ලෝකයට බලපාන ආකාරය පුරෝකථනය කළ යුතු බවයි.
දැනට අප රටෙහි පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද අයත් වන්නේ, ලැම්ඩා ප්‍රභේදය දැනට ගොනු කර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තීව්‍රතාකින් යුතු වයිරස ප්‍රභේද ගොනු කර ඇති, “දැඩි අවධානයක් යොමු කළ යුතු " (variant of concern) කාණ්ඩයටයි. ලැම්ඩා ප්‍රභේදය තවමත් එලෙස වැඩි අවධානයට යොමු කළ යුතු වූවක් ලෙස හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක් ලෙස පමණක් නම් කර ඇත.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වරින් වර, සමහර රටවල් සහ ප්‍රදේශවල රෝගීන් පොකුරු ඇති වීම සඳහා හේතු වූ ලැම්ඩා ප්‍රභේදයෙහි සමස්ත බලපෑම කෙබඳුදැයි අනුමාන කිරීම සඳහා සම්පුර්ණ දත්ත තවමත් ලැබී නොමැත. ඊට අදාළ පර්යේෂණ මේ මොහොත වන විටත් දියත්වෙමින් පවතී. දැනට පවතින තොරතුරුවලට අනුව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවට පමණක් තීරණය කර ඇති මොහොතක පවා, ලංකාවේද මෙම වයිරස ප්‍රභේදය පිළිබඳව මෙලෙස කතා බහක් ආරම්භ වීම ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තකි.
මෙවැනි, තමාගේ සෞඛ්‍යයට බලපාන සාධක පිළිබඳව තේරුම් ගැනීම සහ ඊට පිළියම් සෙවීමට උනන්දුවක් දැක්වීම පුද්ගල බලකරණයේ ලක්ෂණයකි.
මෙතෙක් නව කොවිඩ් වයිරස ප්‍රභේදවලින් ප්‍රවේශම් වීමට අප භාවිත කළ නිවැරැදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසුදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේදයෙනුත් අපට ආරක්ෂාව සලසා ගත හැකි සෞඛ්‍ය මාර්ගෝපදේශ වේ.
විවිධ එන්නත් වර්ගවලට මෙම නව ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කිරීමේ හැකියාවෙහි වෙනසක් ඇති ද යන්න පිළිබඳව තවම පර්යේෂණ සිදුවෙමින් පැවතුනත්, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව දැනට පවත්නා තොරතුරු මඟින් වැටහී යන කරුණකි.
අවසාන වශයෙන් කිව යුත්තේ, මෙම ප්‍රභේදය දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් “තව දුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක්” ලෙස පමණක් නම් කර තිබුණත් ඉදිරියේ දී නව දැනුම එකතු වීමත් සමඟ, “දැඩි අවධානයට යොමු කළයුතු ප්‍රභේදයක්” ලෙස හඳුනා ගැනීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව නවතම විද්‍යාත්මක තොරතුරු ඉදිරියේදී බිහි වනු ඇත.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව
මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.
අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිව
පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොවිඩ් - 19 නව ප්‍රභේදය ‘ලැම්ඩා‘