IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වේගයෙන් පැතිරෙන අලුත් වයිරස් උණක්

බෝවන රෝග පැතිරෙන කාලයක්

ජනවාරි- දෙසැම්බර් සීතාධික දේශගුණය ඇරැඹුමත් සමඟ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය පහසුවෙන් පැතිරී යයි. වෙනත් සීත රටවල මෙන් නොව අපේ රටේ ආර්ද්‍රතාව වැඩි අතර වාතය තෙත් බවින් යුතු වීම නිසා සිරුර දක්වන ප්‍රතික්‍රියාවද වැඩි වීම ඊට හේතුවය. එවන් කාලයකදී පැතිරී යන වයිරස් ප්‍රභේද පවා වෙනස් වන අතර මතු කරන රෝග ලක්ෂණද එකිනෙකට වෙනස්වේ.  

ආශ්වාස- ප්‍රාශ්වාසයෙන් පැතිරෙන වයිරස් උණක්

මෑතක සිට ලෙහෙසියෙන් සහ පහසුවෙන් පැතිරී යන අලුත් වයිරස් උණ රෝගයක් හේතුවෙන් ස්වසන පද්ධතියට හානි ගෙන දිය හැකි අතරම ඇතැම් පාර්ශ්ව සඳහා මාරාන්තික තත්ත්වයක් ගෙනදිය හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. නව වයිරස් රෝගයේ රෝග ලක්ෂණ වනුයේ ඇඟපත රුදාව, උගුරේ වේදනාව, උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, කරකැවිල්ල ආදියයි. උණ ගතිය දින දෙකක් ,තුනක් යනවිට පහව ගියද කැස්ස සහ හතිය තත්ත්වය කල් අල්ලා පැවතීමට පුළුවන. එය සමහර විට මාස දෙකක් ,තුනක් හෝ විය හැකිය.

එසේම ශරීරය මෙම වයිරසය මර්දනය කිරීම උදෙසා නිපදවන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීමෙන් පෙනහලුවල ඇති නාල පටු (කුඩා ) වීමක් සිදු වේ. රාත්‍රී කාලයට දැනෙන අධික සීතලත් සමඟ මේ නාල තුළින් වාතය ගමන් කිරීම තරමක් අපහසු වේ. එවිට අපට ආයාසයෙන් හුස්ම ගැනීමටත් , ස්වසන අපහසුතා මතු වීමටත් පටන් ගැනේ. එය හතිය දක්වා වුවද වර්ධනය වීමට පුළුවන. එබැවින් දැනටමත් හතිය රෝගයට ප්‍රතිකාර ලබන රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව තවදුරටත් ඉන්හේලර් භාවිතය සේම බෙහෙත්ද නොකඩවා ලබා ගත යුතු වේ.

මෙම වයිරස් උණ රෝගී තත්ත්වය පොදුවේ සියලුම දෙනාට මාරාන්තික නොවන නමුත් එය නිව්මෝනියාව දක්වා වර්ධනය වීමට පුළුවන. ඇතැම් පිරිසකට පමණක් මාරාන්තික විය හැකිය.

තවම හඳුනා නොගත් වයිරසය

මාස දෙක තුනක් තිස්සේ සිට බොහෝ පිරිසක් උණ රෝගයෙන් පෙළිණි. මෙය ස්වසන පද්ධතියේ හට ගැණෙනා ආසාදනයක් විය හැකියි. ආශ්වාස- ප්‍රාශ්වාසයෙන් බෝවේ. මේ වනතෙක් වයිරසය හඳුනා ගෙන නොමැති අතර ඉන්ෆ්ලුවන්සා එක් ප්‍රභේදයක් ලෙසට දැනට හඳුන්වා දිය හැකිය.

අවදානම් පාර්ශව

ගැබිනි මවුවරු, දියවැඩියා රෝගීන්, වකුගඩු ක්‍රියාකාරීත්වය දුර්වල පුද්ගලයන්, දැනටමත් හතිය ඇති රෝගීන්, වයස්ගත පුද්ගලයන්, හෘදයාබාධ හෝ හෘදයේ ක්‍රියාකාරීත්වය අඩු අය, පෙනහලු ආසාදනවලින් පෙළෙන්නන්ට මෙම රෝගය වැළඳුණහොත් ඉතා පහසුවෙන් නිව්මෝනියා තත්ත්වය දක්වා වර්ධනය වීමට පුළුවන. ඉහත පුද්ගල කණ්ඩායම්වල ප්‍රතිශක්තිය අඩු බැවින් ඔවුන්හට නව වයිරස් උණ රෝගය වැළඳුණහොත් මාරාන්තික යැයි කියන්නේ එබැවිනි.

රෝග තහවුරුව

ඩෙංගු,කොවිඩ්, වයිරස් උණ සේම ඉන්ෆ්ලුවන්සා වැනි තත්ත්වද මේ දිනවල පැතිරෙන නිසා උණ ගතිය කල් අල්ලා පැවතුණහොත් රෝග විනිශ්චය නිවැරැදි වීම වැදගත්වේ. උණ රෝගීන් සඳහන් කරන පරිදි පෙනහලු සහ උගුර ආශ්‍රිත රෝග ලක්ෂණ අනුව සැක සහිත රෝගීන්ගේ රුධිර පරීක්ෂා මගින් මෙය සනාථ කර ගත හැකිය.

ඩෙංගු උණ රෝගියකු පෙනහලු සම්බන්ධ රෝග ලක්ෂණ දක්වන්නේ නැත. උගුරේ වේදනාව,කන් රිදීම ,හුස්ම ගැනීමේ අපහසුතා , සෙම ගතිය වැනි ප්‍රාථමික ලක්ෂණ මත පදනම්ව නව වයිරස් තත්ත්වය තීරණය කෙරේ.

ප්‍රතිකාර සහ පෝෂණය

වයිරස් උණ රෝග සඳහා ප්‍රතිජීවක ලබා නොදෙන අතර ‘ඇස්ප්‍රින්, ඩිස්ප්‍රින් ‘ වැනි ඖෂද ලබා ගැනීම සුදුසුම නැත. උණ ගතිය ඇත්නම් පැය 6න් 6ට නියමිත මාත්‍රාව අනුව පැනඩෝල් පමණක් ලබා ගත හැකිය.

එසේම මේ දිනවලදී රෝගියා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගත යුතුය. ඊට අමතරව හොඳින් ජලය පානය කිරීමත්, දියර වර්ගද ඒ අතරට ලබා ගැනීම කළ යුතු වේ. ඛනිජලවණ අඩංගු දියර වර්ග වන කැඳ,සුප්, ජීවනී වැනි දෑ පානය කළ හැකිය.

රෝගයේ පැතිරීම වැලැක්වීම

පවුලේ එක් අයකුට මෙය වැළඳුණහොත් ඉතා ඉක්මනින්ම සෙසු පිරිස් කරාද ආශ්වාස ප්‍රාශ්වාසය හරහා පැතිරී යාමට පුළුවන. ඒ නිසාම මේ දිනවලදී මෙම රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙන්නුම් කෙරේ. තත්ත්වය මර්දනය කර ගැනීමට නම් අපට පහත පියවර අනුගමනය කළ හැකිය.

රෝගියා සේම නිවසේ සෙසු අයද මුහුණු ආවරණ පැළැඳීමට වගබලා ගන්න. රෝගියා සෙස්සන්ගෙන් වෙන්ව වෙනත් කාමරයක හිඳීම සුදුසුය. රෝගියා භාවිත කරන පිඟන්, කෝප්ප,ඇඳ ඇතිරිලි, කොට්ට උර,තුවා වැනි දෑ හවුලේ භාවිතයෙන් වැලකිය යුතුය. යම් තරමකට දුරස්තභාවය රැක ගැනීමත්, නිරතුරු දෑත් විසබීජ නාශක දියර යොදා පිරිසුදු කර ගැනීමත්, රෝගියා ජනාකීර්ණ තැන්වලට යාමෙන් වැලකීමත් කළ යුතු වේ. දැන් බොහෝ දෙනකුටම සෞඛ්‍ය පුරුදු අමතකව ගොස් ඇති නිසා පිටින් ලෙඩ රෝග නිවසට රැගෙන නොයාමට නම් ජනාකීර්ණ තැන්වලදීත් සෞඛ්‍ය පුරුදුවලට තවදුරටත් අනුගත විය යුතු වන්නේය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

වේගයෙන් පැතිරෙන අලුත් වයිරස් උණක්

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 359 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 493 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


බෙහෙත්වල ගුණ නැති කරන කෑම බීම ගැන දන්නවාද?
2024 මාර්තු මස 06 1296 0

පුද්ගලයකු කායිකව හෝ මානසිකව රෝගී වූ විට හොඳම විසඳුම නිසි ප්‍රතිකාරයක් සඳහා යොමුවීමයි. එහෙත් ඖෂධ ප්‍රතිකාර ගත් පමණින්ම රෝගයක් සුවවෙන්නෙ නැහැ. ඒ සඳහා තව


ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි
2024 පෙබරවාරි මස 20 711 0

මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.


මව රැකියාවට ගියත් මුල් මාස හය දරුවාට මව්කිරි පමණක් ලබා දෙන්නේ කොහොමද
2024 ජනවාරි මස 20 546 0

අලුත උපන් බිළිඳාගේ පූර්ණ පෝෂණයට අවශ්‍යය වන එකම ආහාර වේල වන්නේ මව්කිරි ය. එම නිසා දරුවාගේ වැඩීමට, බුද්ධිවර්ධනයට හා ප්‍රතිශක්තිකරණය සඳහා මුල් මාස හය නිව


උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න
2024 ජනවාරි මස 10 553 0

පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site