
කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමෙන් දින අටකට පසු ඇමරිකාවේ කැලිෆෝනියාවේ හෙද නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මැතිව් ඩබ්ලියු නම් 45 හැවිරිදි මෙම හෙද නිලධාරියා දෙසැම්බර් 18 වන දින ෆයිසර් එන්නත ලබාගෙන තිබේ.
සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වීම හේතුවෙන් කොරෝනා සඳහා පරීක්ෂා කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වැළඳී ඇති බවයි.
සැන් ඩියාගෝ හි බෝවන රෝග විශේෂඥ ක්‍රිස්ටියන් රමර්ස් පවසන්නේ මෙවැනි තත්ත්වයන් අපේක්ෂා කළයුතු බවයි.
"එන්නතෙහි ආරක්ෂාව ඇති වීමට දින 10 සිට 14 දක්වා කාලයක් ගතවනවා. පළමු මාත්‍රාවෙන් ලැබෙන්නේ 50%ක ආරක්ෂාවක්. දෙවන මාත්‍රාවෙන් එය 95% දක්වා වැඩි කරනවා." යැයි ඔහු පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිනි)
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සාමාන්‍ය දෙයක්..
අර ධම්මික පැණිය බීලත් එක්කෙනෙකුට කොරෝනා හැදුණා කියලා... උපදින අයටයි, නාලිකා කාරයින්ටයි.... මෙකටත් සංදර්ශන පවත්වන්න කිව්වා නම් නරකද?
ඇමරිකාවෙ නිසා අපෙ අයියලා නිහඩව ඉන්නවා, ලංකාවේ දේශිය මොකක්හරි හදලා මෙහෙම උනා නම් තිබුණා බලන්ඩ බුකියේ පොරවල් වෛද්‍යනිළධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්චා තියලා පිස්සු වැටෙන හැටි බලන්න. නුඹලාට හැමදාම අනුන්ගේ දේ තමයි වටින්නේ...