(ඩයනා උදයංගනී)
නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් යළි සේවයට ගෙන්වීමේදී නිසි තාක්‍ෂණික ක‍්‍රමවේද අනුගමනය නොකළහොත් ගැටලූව තවත් උග‍්‍ර විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මෙම කි‍්‍රයාවලියේදී සිදුවිය හැකි සුළු හෝ අතපසුවීමකින් ගැටලූ රැසක් මතුවිය හැකි බව එම සංගමයේ ලේකම් බී.එම්.එම් බාලසූරිය මහතා පැවසීය.
රට තුළ පවතින තත්ත්වය අනුව ඇදිරිනීතිය ලිහිල් කිරීම ද සුදුසු නැතැයි කී ලේකම්වරයා එසේ කළහොත් ආසාදිතයින් හමුවූ ගම්මාන සාමාන්‍ය සමාජයට විවරවිය හැකි බවද සඳහන් කළේය.
මේ වන විට ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් කඳවුරුවලට කැඳවීම නිසා නිවෙස්වල නිරෝධායනය කර සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයින් ද කඳවුරු වෙත ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී බාලසූරිය මහතා එසේ කඳවුරු කරා ගිය පිරිස්වෙත ප‍්‍රමාණවත් තරම් ප‍්‍රවාහන පහසුකම් ලැබී නැතැයි ද කීවේය.
නිරෝධායන නියෝගයක් පනවා තිබියදී නීරෝධායනය කල අය වහාම සේවයට වාර්තා කරවීම තුලින් නීරෝධායන නීති කඩ කිරීමක් සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන්ම දැනට කදවුරු වෙත කැදවා ඇති සෙබලූන් සදහා පුද්ගලික දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් ගමන් ගැනීමට හැකි පරිදි ප‍්‍රමාණවත් ප‍්‍රවාහන පහසුකම් සපයා තිබේද?, යලිත් ඔවුන් කුමන හෝ රථයක එල්ලී කදවුරු තුලට පැමිණිය හොත් එම රථයේ අය සහ කදවුර අවදානමක නොහෙලෙන්නේද? ආදී කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.
වයිරසය ආසාදනය නොවූ බව තහවුරු වූ නිළධාරීන් නැවත කඳවුරුවලදී සැක සහිත අය සමග එකතු වීමෙන් වළක්වා ගත යුතු බවත්, දැනට නිවෙස් තුල නීරෝධායනය කර ඇති ආරක්‍ෂක අංශ සාමාජිකයින් නිවෙස්වලින් පිටව ගියහොත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ නීරෝධායන ක‍්‍රියාවලිය දිගින් දිගටම කරගෙනයාම කළ යුතු පවත් ලේකම්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරස්ථ භාවය ගැන මම දැක්ක දෙය, ගාල්ලෙ සුධර්මා ඉස්කෝලෙ ළඟ CTB බස් දෙකක හමුදා සාමාජිකයන් හිටිය. සීට් එකේ දෙන්න බැගින් හිටිය. කොහොම වෙතත් හමුදාවට මෙ වෙච්ච දෙය කණගාටුයි...
දැන් මේ අයට ප්‍රශ්නය ආරක්ෂක අංශ විතරක් වගේ කතාව තව ටික දවසකින් දොස්තරලත් කොරොනා වැළදුනොත් මොකද කරන්නේ...? අනෙක් එක ආරක්ෂක නිලධාරීන් ගෙන්වා ගන්නේ නිසි ක්‍රමයකට බව යුධ හමුදාපතිතුමා කිව්වා නේද? දැන් හැමෝම විකාර කියවනවා.
අස්සයා ගියාට පසු ඉස්තාලය වැසීමෙන් ඵලය කිම...
වාහන තුන හතරක නැග නිවාඩුවට ගෙදර ගිහින් නැවත වාර්තා කරන්නෙත් ඒ විදියට නම් ප්‍රශ්නය දරුණු වෙයි.
මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ අනිල් ජාසිංහ දොස්තර මහත්මයට හෙට ඇදිරිනීතිය නොමැති නිසා උසාවි වල සාමාන්‍ය විදිහට ඉඩම් නඩු , අපරාද නඩු වැනි විවිධ නඩු වර්ග විනිශ්චය කිරීම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමානය පරිදි සිදු කෙරෙනවා. මෙම නඩුවලට පොලිස් නිලධාරීන් , ආරක්ෂක හමුදා සාමජිකයන් ඇතුළු විශාල ප්‍රමාණයක් රැස් වෙනවා 400-1000 අතර ජනකායක් එකම ශාලාවක රැස්වෙනවා... මම දන්නා තරමින් ජනතාව අතර දුරස්ථභාවය රැකීම වැනි පියවරක් ගන්න එක අපගේ විවුර්ත අධිකරණ තුල කරන්න බැහැ. මෙහි අවධානමක් නැද්ද? මෙම තත්වය බස් එකක යනවට වැඩිය භයානක නැද්ද?
දැන් වැඩේ අනාගෙන තිබෙන්නේ ප්‍රතිපල තව දින 5-12 අතර කාලයකදී දැකගත හැක. තව සතියක් දෙකක වෛද්‍ය උපදෙස් පිළිපැදල ඉවසල ඉන්නේ නැතුව ලංකාවේ සමහර ප්‍රදේශවල ඇදිරිනීතිය එකවර විශාල වශයෙන් ලිහිල් කලා... උසාවි වැනි ජනතාව රස වෙන ස්ථාන විවුර්ත කලා, දැනං ඔක්කොම වතුරේ වගේ පේන්නේ, කොරෝන රෝගීන් සංඛ්‍යාව දින කිහිපයක් තුල එකවර 250 -300 පමණ වැඩි වුණා...
ඉහල අය බල අරගලයක. තුනෙන් දෙකට ආසාවේ හැම දෙයක්ම විනාශ කරනවා. බහුතරයක් පින් බත් කන්නන් රු. 5000/= කට යටත් කර ගත්ත.